
සෞදි අරාබියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් එරට වෙසෙන සංක්‍රමණික සේවකයින්ගේ බිරිඳ හා දරුවන් සඳහා සංචාරක වීසා නිකුත් කිරීමේ අන්තර්ජාල පටිපාටියට අදාළ කොන්දේසි නිකුත් කර තිබේ.
මෙම සේවාව හඳුන්වා දෙනු ලැබුවේ පසුගිය මාසයේදීය.
අයදුම්කරුවන් අමාත්‍යංශ වෙබ් අඩවිය වෙත ගොස් ඔවුන්ගේ අබ්ශිර් ගිණුම සක්‍රිය කරගත යුතුය. අනතුරුව වීසා ඉල්ලුම් කිරීමේ අයිකනය තෝරාගත හැකිය.
එලෙස ඉල්ලීම සිදුකළ පසු අයදුම්කරු විසින් අයදුම්පත මුද්‍රණය කර, තම සේවායෝජකයා ලවා අත්සන් කරගත යුතුය.
එමෙන්ම වාණිජ මණ්ඩලය හෝ වෙනත් බලයලත් ආයතනයක් ලවා දින 30ක් ඇතුලත සහතික කරගත යුතුය.
අයදුම්පත අනුමත වුවහොත් ඒ පිළිබඳ අමාත්‍යංශය විසින් අයදුම්කරුට කෙටි පණිවිඩයක් ඔස්සේ දැනුම් දෙනු ලැබේ.
අයදුම්කරුගේ ඉකාමා පත දින 90ක් සඳහා වලංගු වී තිබීමද වැදගත්ය. තවද ගෙන්වන සියලුම දරුවන් වයස අවුරුදු 18ට අඩුවිය යුතුය.
මෙම සබැඳුම ක්ලික් කිරීමෙන් විසා ලබාගැනීමේ සෞදි වෙබ් අඩවියට පිවිසිය හැක!
වැඩබිම