
සිදු කිරීමට නියමිත කම්කරු නීති සංශෝධනය පිළිබඳව පසුගිය 26 වනදා කොළඹ ILO කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය සමිති ක්‍රියාදරයින් විසින් ප්‍රබල උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා.
ඒ සම්බන්ධව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා වැඩබිම සමඟ කළ අදහස් දැක්වීමයි මේ..
ඉතා සූක්ෂමව වැඩකරන ජනතාවට හොරෙන් කරන සංශෝධනයක්.නිල නොවන ලෙස ආරංචි මාර්ගවලින් අනාවරණය වන පරිදි පනත් 7 ක් සංශෝධනය වෙනවා.මේකට පහසුකම් සපයන්නේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයයි.
(අයි.එල්.ඕ)කිසිදු නීත්‍යනුකූල පදනමකින්,දැනුවත් කිරීමකින් හෝ ඒ සඳහා වුවමනාවකින් කරන බවක් පේන්න නෑ.කම්කරුවන්ට හොරෙන් පනත් සංශෝධනය කිරීමට මේ දරන උත්සාහයට අපි සම්පූර්ණයෙන්ම අපේ විරෝධය පළකරනවා.
මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති එක්ක එකතුවෙලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.කම්කරු පනත් සංශෝධනය වෙනවානම් විය යුත්තේ කම්කරුවන්ගේ ඕනෑඑපා කම් මතයි.
මේ එජාප ආණ්ඩුවයි හයිබ්‍රිඩ් ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ වැඩකරන ජනයා යටපත් කරගෙන හාම්පුතුන්ගේ ඕනෑඑපාකම් මත පනත් සංශෝධනය කිරීමටයි.
ඒකට කිසිසේත්ම ඉඩදෙන්නේ නෑ.පසුගියදා මෙම නීති සංශෝධනයට එරෙහිව වෘත්තීය සමිති ගණනාවක් විරෝධතාවක් පවත්වා සංදේශයක් බාරදුන්නා.
අන්තර් සමාගම් සේවක සංගමයට ඒ දවසේම උදයේ කතා කරලා කීව නිසාත්, ඒ අය ඒක හදිසියේ දාගත්තු වැඩක් නිසාත් අපි සහභාගි වුණේ නෑ.
ඒත් ජාතික කම්කරු උපදේශන සභාව නියෝජනය කරන සියලු වෘත්තීය සමිති හා එක්ව සාකච්ඡා කොට අමාත්‍යංශයේ බලධාරීන් සමගද සාකච්ඡා කොට කළ හැකි මැදිහත්වීමක් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වෙනවා.
වැඩබිම
තවත් දෙස් විදෙස් තොරතුරු සඳහා පිවිසෙන්න වැඩබිම වෙබ් අඩවියට