
කුවේටයේ සේවායෝජකයෙකු, හිතකර ජීවන තත්වයක් උදෙසා සේවකයින්ට ඇති අයිතිය උල්ලංඝනය වන ආකාරයට ක්‍රියා කර තිබෙන බව වාර්තා වේ. මෙම ගැටලුව උද්ගත වී ඇත්තේ කටාර්හි සංක්‍රමණික සේවකයින් පිරිසක් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාරයක් සම්බන්ධයෙනි.
කුවේට්හි කම්කරු දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරු දෙදෙනෙක් අදාළ නවාතැන් පරීක්ෂා කර ඇති අතර සේවකයින් දෙදෙනෙකු වෙනුවෙන් වන එක් නාන කාමරයකින් පමණක් සමන්විත වන කාමරයක සංක්‍රමණික සේවකයින් 30 දෙනෙකු වාසය කරන බව ඔවුන් විසින් අනාවරණය කර ගෙන තිබේ.
තමන්ගේ හාම්පුතා විසින් සලසා දී ඇති අහිතකර නේවාසිකාගාර වලට එරෙහිව සේවකයින් විසින් දෙපාර්තමේන්තුවේ කාර්යාල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නිරත වී තිබේ.
කම්කරු දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරුන් සිය නීරීක්ෂණ චාරිකා වලින් පසු, අදාළ හාම්පුතා සේවා ගිවිසුමේ කොන්දේසි කඩ ඇති බව තීරණය කර ඇත.
වැඩබිම