
කටාර් රාජ්‍යයේ පදිංචිය හා කම්කරු නීතිරීති උල්ලංඝනය කරමින් එරට රැඳී සිටින සංක්‍රමණික සේවකයන් සොයා කටාර් මහජන ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ.
එහිදී එලෙස රැඳී සිටින සේවකයින් 1,444 ක් සොයාගෙන ඇති අතර ඔවුන් එරටින් පිටුවහල් කිරීමට නියෝග කර තිබේ.
මින් 36 දෙනෙකු අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විසින් සොයමින් සිටි අය වන අතර, 101 දෙනෙකු සිවිල් නඩු සහිත පුද්ගලයන් වේ.
එමෙන්ම 54 දෙනෙකු මත්ද්‍රව්‍ය සතුව තිබී හසුවී ඇති අතර, 26 දෙනෙකු මත්පැන් ළඟ තබාගෙන හසුව තිබේ.
මෙම මෙහෙයුම රටපුරා ස්ථාන 576කදී සිදුකර ඇත. පදිංචියට අදාළ නීති රීති උල්ලංඝනය කළ ගෘහ සේවක සේවිකාවන් ඇතුළුව 68 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
වැඩබිම