සෞදි ලක් තානාපති කාර්යාලයෙන් එරට සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

සෞදියේ මෙන්ම ශ්‍රී ලංකාවේද ව්‍යාප්තවෙමින් පවතින නව කොරෝනා වෛරසය යම්තාක් දුරට සමතයකට පත්වෙන තුරු දැනට සිටින රටෙහිම ආරක්ෂිතව සිටීම යහපත් බව සෞදියේ රියාද්හි පිහිටි ලක් තානාපති කාර්යාලය සෞදියේ වෙසෙන ලාංකිකයින්ට සිහිපත්කර දී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දක්වමින් තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක මාදව දේශප්‍රිය මහත මාධ්‍ය නිවේදනයක්ද නිකුත්කරමින් ප්‍රකාශ කර ඇත්තේ සෞදියේ සිටින බොහෝ ලාංකිකයින් ලකාව බලා යාම සඳහා තානාපති කාර්යාලයෙන් ඉල්ල්ලිම් කර තිබෙන බවයි.

කෙසේ වෙතත් ලංකාව ඇතුළු සමස්ත ලෝකය පුරාම වසගත ත්ත්වයක් ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය විසින් ගුවන් ගමන් හා ලංකාවට ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිබෙන අතර අනිකුත් රටවල්ද ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇත. එබැවින් මෙවැනි තත්ත්වයක් යටතේ තමන් රැඳී සිටින රටෙහි සුරක්ෂිතව රැඳී සිටීම යහපත් බවත් මෙම තත්ත්වය පහව යනතෙක් ඉවසීමෙන් එලෙස රැඳී සිටින ලෙසත් සෞදියේ සිටින ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම, මාදව දේශප්‍රිය මහතා ප්‍රකාශ කරන ආකාරයට සෞදි අරාබියේ යම් යම් පිරිස් හා කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය ජාල හා අනිකුත් මාධ්‍ය හරහා තානාපති කාර්යාලයේ නම භාවිතා කරමින් හාණ්ඩ සහ මූල්‍යාධාර බෙදා හරින බව දන්වමින් විවිද තොරතුරු බෙදා හරින බවත් එවැනි පුද්ගලයින්ට හසුනොවෙන ලෙසත් ඉල්ලා සිටී.

තවද එවැනි භාණ්ඩ හෝ මූල්‍යාධාර බෙදා හැරීමක් තානාපති කාර්යාලය හරහා දියත්කර නොමැති අතර එවැනි පියවරක් ගන්නේ නම් සෞදි බලධාරීන් සමඟ සාකච්ඡාකර සෞදි නීති රීති හා රෙගුලාසිවලට අනුකූලව සෞදි රජයේ මැදිහත් වීමෙන්සිදුකර බවත් ඒ සම්බන්ධයෙන් සෞදියේ සිටින ලාංකිකයින් දැනුවත් කිරීමක්ද කරන බවයි.

එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ නම් තානාපති කාර්යාල වෙබ් අඩවියේ හෝ ෆේස්බුක් පිටුවෙහි පල කරන බවත් එය පරිශීලනය කරන ලෙසත් ඉල්ලා සිටී.

එමෙන්ම කොරෝනා ආසාදිත කිසිමකෙනෙක් තානාපති කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙසත් එසේ පැමිණියත් රඳවා තබා ගැනීමකට හෝ කොරෝනා පරීක්ෂා කිරීම සඳහා හෝ පහසුකමක් තානාපති කාර්යාලය සතු නොවෙන බවත් හෙතෙම ස්ඳහන් කරයි.

තානාපති කාර්යාලය ඇමතීම හා තොරතුරු ලබා ගැනීම සඳහා 0591967312 (සිංහල හා දමිල භාෂාව) 0591905178 (සිංහල භාෂාව)

වෙබ් අඩවිය http//slemb.org.sa

සෞදි රජයේ අවවාදය,සමාජ දුරස්ත භාවය,නිවසේ රැඳී සිටින්න “STAY HOME”

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435