සෞදි ලක් තානාපති කාර්යාලය එරට සිටින ලාංකිකයින්ගේ තොරතුරු රැස් කරයි

වර්තමානය වනවිට සෞදි අරාබියේ කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට සිටින 135,000ක් වූ ලාංකික ශ්‍රමිකයින් ගැන සොයා බැලීම සඳහා රියාද් හි ලක් තානාපති කාර්යාලය හා ජෙඩාහි ලකා කොන්සියුලර් කාර්යාලය ඒකාබද්ධව වැඩපිළිවෙලක් සකස්කර තිබෙන බව සෞදියේ වැඩ බලන ශ්‍රී ලංකා තානාපති මධූක වික්‍රමාරච්චි මහතා සඳහන් කර තිබේ.

එහි පළමු අදියර තුළ වසංගතය හේතුවෙන් රැකියා අහිමිවූවන්, පොරොන්දු වූ වැටුප් වලින් අඩක් හිමිවූ ශ්‍රමිකයින් පිළිබඳ තොරතුරු රැස් කිරීම දුරකථන මාර්ග හරහා සිදුකරන බවත් එම තොරතුරු හරහා ඔවුන්ට ඇති හදිසි අවශ්‍යතාවන් වලදී සහය වීමට තානාපති කාර්යාලයට උදව්වක් වන බවත් පෙන්වාදෙයි.

එමෙන්ම රැකියා අහිමි වීම් හෝ වෙනත් ගැටලු පවතින ලාංකික ශ්‍රමිකයින් වෙතොත් රියාද්හි ලක් තානාපති කාර්යාලය යටතේ පැය 24ක් පුරා ක්‍රියාත්මක 00966591967312 යන දුරකථන අංකයට හෝ 00966591905178 දුරකථන අකයට දැනුම් දෙනලෙස වැඩබලන තානාපතිවරයා සෞදියේ ලාංකික ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම, සෞදියේ පැය 24ක් පුරා පවතින ඇඳිරි නීතිය නිසා අසීරුතාවයන්ට පත්වූ රියාද් නගරයේ සිටින ලාංකික ශ්‍රමිකයින් 200කට ආසන්න පිරිසකට වියළි ආහාර මල්ලක් ලබා දීමට තානාපති කාර්යාලය කටයුතු කල බවත් හෙතෙම සඳහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435