සෞදියේ සිට මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටු වෙයි

කොරෝනා වසංගත ත්තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ අසරණව සිටි ලාංකිකයින් 270ක් අද දිනයේ මෙරටට පැමිණීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

සෞදියේ කොරෝනා ව්‍යාප්තියත් සමඟ සියළුම රටවලට ගුවන් ගමන් අත්හිටුවා තිබූ පසුබිමක සෞදි අරාබියේ සිට දිවයිනට යාමට නොහැකිව සිටින ලාංකිකයින් ගේ තොරතුරු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පසුගිය මාස කිහිපය තුළ රැස් කිරීමක් කල අතර රියාද් පිහිටි සෞදි ලක් තානාපති කාර්යාලයද ලංකාවට යාම සඳහා අවසන් පිටවීමේ සහ පිටත්වී නැවත පැමිණීමේ වීසා පත් සූදානම් වූ අයගේ තොරතුරු එක් රැස් කරන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවට යාම සඳහා සුදුසුකම් ලැබූ අයගේ නාම ලේඛනයක් තානාපති කාර්යාලයේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් නිර්දේශ කර 270 පමණ පිරිසක් මව්බිමට පිටත් කර හැරීමට කටයුතු සූදානම් කර ඇත.එම පිරිස ජූලි 06 එනම් අද දින මෙරට පිටත්කර හැරිමට රියාද නුවරට ශ්‍රී ලන්කන් ගුවන් යානයක් පැමිණීමට නියමිතව පවතින බවයි තානාපති කාර්යාල ආරංචි මාර්ග වාර්තා කර ඇත්තේ.

මෙලෙස පැමිණෙන අය අතර 60%ක් කාන්තාවන් බවත් පිරිමි පාර්ශවය අතරින් විවිද රෝගාබාද වලට ලක්වූ කිහිප දෙනෙක් හා සංචාරක වීසා සමඟින් පැමිණි පිරිසක් ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනෙකුද ඇතුළත් බවත් සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435