සෞදියේ සිටින ඔබ තානාපති කාර්යාලයට මේ විස්තර දෙන්න- තව ඇත්තේ දින 03ක් පමණි

කොරෝනා වසංගතය සමඟ සෞදි අරාබිය තුළ වර්තමානයේ පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සඳහා යාමට සුදුසුකම් ඇති සෞදියේ සේවය කරන ශ්‍රමිකයින්ට තොරතුරු ලබා දෙන ලෙස තානාපති කාර්යාලය දන්වා තිබේ.

ඒ අනුව දැනටමත් සෞදියෙන් ලබා දී ඇති අවසන් පිටවීම හෝ නැවත පැමිණීමේ වීසා පත් (exit ,exit re entry) හිමිව ඇත්නම් රියාද් හි ලක් තානාපති කාර්යාලයේ ලියාපදිංචි වන ලෙස එරට සිටින සියළුම ලාංකිකයින්ට නිවේදනය කර තිබේ.

විශේෂයෙන් මෙලෙස තොරතුරු ලබා දී තිබීමෙන් හදිසි අවස්ථාවකදී කඩිනමින් මව් බිමට යාමට පහසුවක් සැලසෙනු ඇති බවයි තානාපති කාර්යාලය නිවෙදනය කර ඇත්තේ.

පහතින් දැක්වෙන්නේ ඔබ ලබා දිය යුතු තොරතුරුයි.

සම්පූර්ණ නම
ඉකාමා හෝ ගුවන් ගමන් බලපත්‍ර අංකය
ගුවන් ගමන් බලපත්‍රය කල් ඉකුත්වෙන දිනය
අවසන් පිටවීමේ වීසා අංකය හෝ නැවත පැමිණීමේ වීසා අංකය
වීසා නිකුත්කළ දිනය
ලිපිනය
නගරය
දුරකථන අංකය (අනිවාර්යයි)සහ විද්‍යුත් තැපල් ලිපිනය (තිබේ නම් පමණක්)

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා ලක් තානාපති කාර්යාලයේ නිලධාරීන් මැයි මස 14 වෙනි දින සිට 20 වෙනි දින දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා සේවය සපයන බවත් තානාපති කාර්යාලය සිහිපත් කර දෙයි.

එහිදී සිංහල භාෂාව සඳහා 0530205812 යන අංකයත් ද්‍රවිඩ භාෂාව සඳහා 0583149627,0599069488,0569658155 යන අංක ඔස්සේ ඇමතිය යුතු අතර අවශ්‍ය විටක තානාපති කාර්යාලය ඔබ අමතන බවත් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

වැදගත් :  ඔබත් සෞදියේ සේවය කරන අයෙක් නම් මේ පණිවිඩය හැකිතාක් ඔබේ මිතුර මිතුරියන්ට බෙදා හරින්න.තොරතුරු ලබා දීම සඳහා කාලය ලබා දී ඇත්තේ මැයි 20 වෙනිදා දක්වා බැවින් තව අත්තේ දින කිහිපයකි. එබැවින් අනෙක් අයගේ දැන ගැනීම උදෙසා ෂෙයාර් කර සහයෝගය දැක්වීමට කාරුණික වෙන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435