සෞදියේ ලාංකිකයින්ට “Tahweel Al Rajhi” බැංකු‍වෙන් අලුත් පහසුකමක්

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමඟ සෞදිය තුළ ඇතිවී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් “Tahweel Al Rajhi” බැංකුව තම සේවා දායකයා වෙනුවෙන් විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කරමින් සහන ලබා දීමට බැංකු කළමනාකාරීත්වය තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බැකිවේ ස්ථීර නියෝජිතයින් දෙදෙනෙකු වන මොහොමඩ් ඉක්බාල් මහතා හා නවරත්නම් යන නිලධාරීන් ප්‍රකාශ කරන්නේ “Tahweel Al Rajhi” බැංකුවේ ගණුදෙනු කරන පාරිභෝගිකයින් සඳහා කිසිදු අයකිරීමකින් තොරව පෙර ගෙවුම් කාඩ්පත් (ATM) අප්‍රේල්මස 01 සිට සය මසක කාලයක් තුල නොමිලේ නිකුත් කිරීමට බැංකු කළමණාකාරීත්වය තීරණය කර තිබෙන බවයි.

එම පහසුකම විශේෂයෙන් සෞදියේ වෙසෙන ලාංංකිකයින් සඳහාම තම සේවය  නොපැකිලව ලබා දීමට කටයුතු කරන බවයි  ඔවුන් දෙදෙනා ප්‍රකාශ කරන්නේ.

කෝවිඩ් 19 නිසා ලෝකයේ අනෙකුත් රටවලට මෙන්ම සෞදියටද බලපා ඇති ආර්ථික ,වාණිජමය දුෂ්කරතාවයන් මෙන්ම ජනතාවට බලපා ඇති අපහසුතාවයන්ද සලකා බලා “Tahweel Al Rajhi” බැංකුව ගත් මෙම තීරණය මඟින් ආරිභෝගිකයින් වෙත විශාල සේවයක් සැපයීම අතිශය යහපත් කටයුත්තක් බවත් එය ලාංකිකයින් වශයෙන් සතුටට පත්වෙන කරුණක් බවයි.

එමෙන්ම වසර ගණනාවක් තිස්සේ සෞදියේ බැංකු සේවයේ යෙදී සිටිමින් ලාංකිකයින්ට සේවය සැලසීමට ලැබීමත් භාග්‍යක් වන බවත් ඉදිරියේදී අවශ්‍ය ඕනෑම මොහොතක “Tahweel Al Rajhi” පැමිණ විමසීම් කරන්නේ නම් සියලුම බැංකු කටයුතු හා අනෙකුත් පහසුකම් ලබා දීමට ලාංකිකයින්ට උපකාර කරන බවත් ඔවුන් සඳහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435