සෞදියේ කොරෝනා වෛරස් අවදානමේ නවතම තත්ත්වය මෙන්න

සෞදි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉරිදා නව කොරොන වයිරස් රෝගීන් 429 ක් සහ තවත් මරණ 7 ක් ප්‍රකාශයට පත් කළ බව අරාබි පුවත් සේවය වාර්තා කරයි.

මෙමඟින් රාජධානියේ ඇති මුළු COVID-19 රෝගීන් සංඛ්‍යාව  6,380ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 83 ක් සිදුව ඇති බව අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය මොහොමඩ් අබ්දුල් අල්-අලි මහතා කියා සිටියේ මේ වන විට සක්‍රීය රෝගීන් 3,642 ක්,ද බරපතල තත්වයේ සිටින රෝගීන් 65 ක් ද සමග රෝගීන් 41 දෙනෙකු සුවය ලබා ඇති අතර මුළු සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 990 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

කොරෝනා වෛරසය සෞදිය තුළ ව්‍යාප්තවීම ආරම්භවූ කාලයේ සිටම සෞඛ්‍ය නිලධාරීන් විසින් අධීක්ෂණය කරන ලද පුද්ගලයන් 40,000 කට අධික සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයේ පසුවෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම, සංචාරක අමාත්‍යංශය විසින් හුදකලා කාල සීමාව සඳහා වෙන් කර ඇති නවාතැන් වල දැනට පුද්ගලයින් 7,000 ක් සිටින අතර ඔවුන්ගෙන් 2,00ක්ම විදේශයන්හි සිට නැවත සෞදියට පැමිණි සෞදි ජාතිකයි වෙයි.

සෞදිය තුළ මේතාක් දුරට වෛරසය ව්‍යාප්තවීම පාලනය කර ඇත්තේ අවදානම හඳුනාගෙන කල්තියාම ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කළ නිසා බවයි එරට බලධාරීන් පෙන්වා දෙන්නේ.

ඉදිර් සති කිහිපය එලෙසම ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කළහොත් සෞදියේ වෛරසය ව්‍යාප්ත වීම යම්තාක් දුරට පාලනය කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. එබැවින් ඔබ රැඳි සිටින නිවසේම ආරක්ෂිතව රැඳී සිටින්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435