සෞදියේ කොරෝනා ව්‍යාප්තියේ නවතම තත්ත්වය මෙන්න -ප්‍රවේශමෙන් සිටින්න!

කොරෝනා වෛරසය හේතුවෙන් අද වනවිට සෞදි අරාබියේ මුළු ආසාදිතයින් ගණන දෙලක්ෂ පනස්දහස ඉක්මවා ඇති බවට සෞදි සෞඛ්‍ය අංශය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් සෞදි මාධ්‍ය වැඩිදුර විස්තර ප්‍රකාශයට පත්කර තිබෙන අතර පසුගිය පැය 24ක කාලය ඇතුළ නව ආසාදිතයින් 2378ක් හඳුනාගෙන ඇති බව එම වාර්තා සඳහන් කරයි. එමෙන්ම ගත වූ පැය 24ක කාලය ඇතුළත කොරෝනා ආසාදනය වූ 37ක් මරණයට පත්ව ඇති අතර මියගිය මුළු ප්‍රමාණය 2672කි. සෞදියේ සම්පූර්ණයෙන්ම සුවය ලැබූ පිරිස 215,731කි.

කෙසේ නමුත් මේවනවිට සෞදි අරාබිය අනෙක් රටවලට සාපේක්ෂව සැලකියයුතු මට්ටමකින් පාලනය කිරීමට සමත් වී තිබෙන අතර සුවය ලබන පිරිස දිනෙන් දින ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි සෞදි මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම මරණයට පත්වන ප්‍රමාණයද යම්තාක් දුරට අඩුවීමක් පෙන්නුම් කරන බවත් සඳහන්.

සෞදියේ ප්‍රධාන නගර ලෙස සැලකෙන රියාද්,ජෙඩා,දමාම් සහ අනිකුත් ප්‍රදේශ වලත් මෙතෙක් වර්ධනය වෙමින් පැවති ආසාධිතයින් ප්‍රමාණය යම්තාක් දුරට අඩුවීමක් පෙනෙන්නට ඇති බව දිනපතා නිකුත්කරන කොරෝනා සංඛ්‍යා වාර්තා මඟින් හෙලිවෙන බවයි මාධ්‍ය වාර්තා කාන්නේ.

සෞදි අරාබියේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන මහජනතාව වෙනුවෙන් සක්‍රීයව ක්‍රියාත්මක වන අතර ජාත්‍යන්තර හා සෞදි අරාබියානු සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව සියලුම පෞද්ගලික සේවා හා කර්මාන්ත මෙන්ම අනිකුත් ව්‍යාපාරද පවත්වාගෙන යාමට අවසරය හිමිවි තිබේ.

එනමුත් විශාල වශයෙන් මහජනතාව ඒකරාශී වීමට සෞදි රජයෙන් මෙතෙක් අවසර හිමිවී නොමැති අතර ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහාද සීමිත අවස්ථාවන් පමණක් ලබා දී තිබේ.මේ සියලුම අවස්ථා වලදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරිම අනිවාර්ය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ආරක්ෂක අංශද ක්‍රියාත්මකයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435