
සෞදි අරාබි කම්කරු රීති කඩ කිරීම වෙනුවෙන් හාම්පුතුන්ට සෞදි රියාල් 2,000 සිට 50,000ක් දක්වා මුදලක් ගෙවීමට නියම කිරීමට සෞදි කම්කරු අමාත්‍යංශය තීරණය කරතිබේ.
බොහෝ හාම්පුතුන් තම සේවකයන්ගේ ගුවන්ගමන් බලපත්‍ර තමා සන්තකයේ තබා ගනිමින්, ඔවුන්ට වෙනත් ස්ථාන වලද වැඩ කිරීමට බලකරන අවස්ථා තිබේ. එමෙන්ම ඇතැමෙක් සේවකයන්ගේ වැටුපද නොගෙවා ඔවුන්ව බලෙන් සේවයෙන් පහකර තිබේ. මෙවැනි හේතුන් මත මෙම නව රීතිය ක්‍රියාත්මක කෙරේ.
එය පහත ආකාරයෙන් ක්‍රියාත්මක වේ.
සේවකයාගේ ගුවන්ගමන් බලපත්‍රය තමන් ළඟ තබා ගැනීම වෙනුවෙන් සෞදි රියාල් 2,000යි.
කොන්ත්‍රාත් ලේඛනයේ පිටපත් සේවකයන්ට ලබා නොදීම වෙනුවෙන් සෞදි රියාල් 5,000යි.
කොන්ත්‍රාත්තුවේ නොමැති වෙනත් කටයුතු කිරීමට බලකිරීම වෙනුවෙන් සෞදි රියාල් 15,000යි.
සේවකයන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය ප්රමිතීන් නොසලකා හැරීම වෙනුවෙන් සෞදි රියාල් 25,000යි.
සේවක විසා විදේශිකයන්ට විකිණීම වෙනුවෙන් සෞදි රියාල් 50,000ක් ද, බලපත්‍රයක් නොමැතිව සංක්‍රමණික සේවකයෙකු තබා ගැනීම වෙනුවෙන් සෞදි රියාල් 45,000ක් ද දඩ නියම කෙරේ.
එමෙන්ම නිසි වෙලාවට වැටුප් නොගෙවීම, මුදල් නොගෙවා අතිරේක කාලයන්ට වැඩ ගැනීම, නිවාඩු දිනවල වැඩ ගැනීම යන අවස්තාවන්හිදී ද මෙම දඩ මුදල් අය කෙරේ.
මිශ්‍ර ප්‍රදේශ වලදී කාන්තාවන්ට තමන්ට නියමිත වෙලාවට වඩා වැඩ කිරීමට බල කිරීම වෙනුවෙන් සෞදි රියාල් 5,000 සිට 10,000 දක්වා මුදලක් ගෙවීමට හාම්පුතාට සිදුවේ. එමෙන්ම රළු කාලගුණ තත්වයන් හෝ අධික උෂ්ණ පරිසරයක වැඩ කිරීමට සේවකයන්ට බල කිරීම හේතුවෙන්ද දඩ නියම කෙරේ.
මේ ආකාරයෙන් තවත් බොහෝ නීත්‍යානුකුල නොවන අවස්ථා සඳහාද දඩ නියම කිරීමට සෞදි රජය පියවර ගෙන ඇත.
වැඩබිම