
ලෙබනනයේ බේරූට් නුවර වරාය පරිශ්රවයේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් මියගිය පුද්ගලයින් ප්රමාණය තවත් වැඩිවී තිබේ.
ඒ අනුව මේවනවිට පුද්ගලයින් 200කට අධික ප්රමාණයක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර 6000කට අධික ප්රමාණයක් තුවාල ලබා ප්රතිකාර ලබන බවයි වාර්තා වෙන්නේ.
බේරූට් හි ආණ්ඩුකාරවරයා සඳහන් කරන පරිදි පිපිරීම සිදුවූ ස්ථානයේ සිටි විදේශික ශ්රමිකයින් ඇතුළු තවත් බොහෝ පිරිසක් තවමත් අතුරුදහන්ව පවතින බවයි.එම පුද්ගලයින් සොයා ගැනීමත් සමඟ මියගිය පුද්ගලයින් ප්රමාණය තවත් ඉහළ යනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
වරාය පරිශ්රයේ ගබඩාකර තිබූ ටොන් 2750ක ඇමෝනියම් නයිට්රේට් තොගයක් පිපිරීමෙන් මෙම විනාශය සිදුවූ අතර පිපිරීම හේතුවෙන් අඩි 150ක පමණ ගැඹුරු අගාධයක් ද නිර්මාණය වී ඇති බවත් සඳහන්.
වැඩබිම