මේ රැකියා අවස්ථා රාජ්‍ය සේවයේ රැකියා සොයන ඔබටයි!

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතියේ පහත සඳහන් තනතුරු සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

  1. කළමනාකරණ සහකාර – තනතුරු – 02
  2. දත්ත යෙදවුම් ක්‍රියාකරු- තනතුරු – 02
  3. කාර්යාල සහායක- තනතුරු – 02

උසස්ම සුදුසුකම් සහ පළපුරුද්ද මත කෙටි ලයිස්තුගත කළ අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට කැඳවනු ලබන අතර, කුසලතාවන් මත තෝරා ගනු ලැබේ.

ඉහත තනතුරු වලට අයදුම් කිරීම සඳහා අධ්‍යාපන, වෘත්තිය සුදුසුකම් සහ පළපුරුද්ද ඇතුලත් තම ජීව දත්ත පත්‍රයක් ඥාතීන් නොවන නිර්දේශකයින් දෙදෙනෙකුගේ සම්බන්ධ විය හැකි විස්තර සහිතව සකස් කර 2018.07.23 වන දින හෝ ඊට පෙර ලේකම්, කාෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය, අංක 288, ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරිය යන ලිපිනයට ලැබෙන සේ යොමු කල යුතුය.

වැඩි විස්තර පහත සඳහන් වේ.

උපුටා ගැනීම – jobway.lk

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435