මැලේසියාවේදී ඝාතනයවූ ලාංකිකයාගේ මරණයේ සුලමුල හෙළිවේ

මැලේසියාවේ සේවයේ යෙදී සිටි ලාංකික පුද්ගලයෙකු ඝාතනයට ලක්වූ බවට පසුගිය දිනක විදෙස් ආරංචි මාර්ග වාර්තා කර තිබුණි. ඔහු නමින් සුමිත් නිශාන්ත නම් වයස අවුරුදු 49ක පමණ විවාහක තැනැත්තෙකි.එම සිදුවිම සම්බන්ධයෙන් 27 හැවිරිදි ඔහුගේ මිතුරෙකු හා 30 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී සැකකාර ඉන්දීය ජාතිකයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් වී ඇත.

ඉකුත් පෙබරවාරි 09 වෙනි දින මෙම ඝාතනය සිදුවී ඇති අතර සේවාස්ථානයේදී සිදුවූ බහින් බස් වීමක් දුරදිග යාම නිසා කොන්ක්‍රීට් කැබැල්ලකින් පහරදී ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.

මිය යාමට මොහොතකට ප්‍රථම සිය බිරිඳ සමඟ අන්තර්ජාල වීඩියෝ දුරකථන ඇමතුමක් හරහා කතාබස් කරමින් සිටින විට මෙම ඝාතනයට සැකකර පුද්ගලයින් දෙදෙනා මියගිය පුද්ගලයාගේ නවාතැන්පළට පැමිණෙන ආකාරය දැක තිබේ. මේ සම්බන්ධව ඇය මැලේසියානු පොලිසියට දැනුම්දී ඇති අතර අනතුරුව මරණය මොවුන් විසින්ම සිදුකර ඇති බවට පොලීසිය තහවුරු කර තිබේ.

වැඩිදුර විමර්ශන කටයුතු වලදී තිදෙනා අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඇතිවූ කෝපය නිසා හිසට පහර දීමක් සිදුකර ඇති අතර අදාළ පුද්ගලයා එම අවස්ථාවේදීම මියගිය බවත් සැකකාර පුද්ගලයින්ගේ සාක්ෂි ලැබී තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සිරුර මැලේසියාවේ පැඩන්ග් බුලූ ප්‍රදේශයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙම ඝාතනය ඉන්දීය ජාතික දුර්ගා රාඹි කෙටාලි නම් පුද්ගලයා විසින් සිදුකර ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්වූ අනෙක් ලාංකිකයා ඝාතන චෝදනාවෙන් මුදා හැරීමට එරට අධිකරණය තීරණය කර අතර ඉන්දීය ජාතිකයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මැලේසියා අධිකරණය නියෝගකර තිබෙන බව විදෙස් ආරංචි මාර්ග සනාථ කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435