මැද පෙරදිග ගෘහ සේවයේ ශෝකාන්තය

ගෘහ සේවිකාවක් ලෙසට මැදපෙරදිග  ගිය ලාංකික කතක් අභිරහස් ලෙස ඝාතනය කර ඇගේ නරක්වූ සිරුර පෙට්ටියක අසුරා සීල් තබා ලංකාවට එවූ පුවතක් පසුගිය දා වාර්තා විය.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ මීට වසර 1 1/2 කට පමණ පෙර සෞදියේ ගෘහ සේවිකාවක් ලෙසට විදේශගත වූ එරාවූර් ප්‍රදේශයේ පදිංචිකාරියක් වන කනපති පුල්ලේ කුමාරි නම් 32 හැවිරිදි දෙදරු මවකි.

මැදපෙරදිගට ගිය පසු පසුගිය වසර 1 1/2 කාලයක් පුරා පවුලේ ඥාතීන්ට ඇය පවසා ඇත්තේ සේවය කරන නිවසේ සිටින මහලු කාන්තාව විසින් නිතර නිතර හිරිහැර, පහර දීම් සිදු කරන බවයි.

අවසන් වරට පුල්ලේ කුමාරි විසින් සිය සහෝදරියට පසුගිය වසරේ අප්‍රේල් මසයේ දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර ඉන් පසුව ඇයගෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැත.

නමුත් මේ වසරේ පෙබරවාරි මාසයේ සෞදි තානාපති කාර්යාලය මඟින් පුල්ලේ කුමාරී නම් ලාංකික කත මිය ගොස් ඇති බවත් ඇය සේවය කළ මහල් නිවාසයේ පැතිරී ගිය අධික දුර්ගන්ධය නිසා කළ විමර්ෂන කටයුතු වලදී ඇගේ සිරුර හමුවූ බවත් නිවැසියන්ට දන්වා තිබේ.

මහල් නිවාසය පුරා පැතිරී ගිය අධික දුර්ගන්ධය නිසා ඒ අවට වාසය කරන පිරිස් විසින් සෞදි ආරක්ෂක අංශයට පැමිණිළි කිරීමෙන් අනතුරුව කළ සෝදිසි කිරීම් වලදී මියගිය කතගේ සිරුර බෑගයක ඔතා එම නිවසේ නාන කාමරයේ සඟවා තිබී සොයා ගෙන ඇත. තවද මියගිය කතගේ යැයි සිතිය හැකි ඇඳු පැළදුම් ඇසිරූ ගමන් මලු දෙකක්ද නාන කාමරය තුළ තිබී සොයා ගැනීමට හැකිවී තිබේ.

මාස කිහිපයක් තිස්සේ නරක් වෙමින් පැවති ලාංකික කාන්තාවගේ සිරුර පෙට්ටියක බහා සීල් කර පසුගිය දා ලංකාවට එවා ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිදරව් වී තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435