පරිපාලන සේවා විභාගය අවුල් වෙයි – අයඳුම්කරුවන් රැසකට බලවත් අසාධාරණයක්

ශ්‍රී ලන්කා පරිපාලන සේවයට බඳවා ගැනීමේ 2017 වර්ෂය සඳහා වන සීමිත හා විවෘත තරඟ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම වසර එකහමාරකටත් වඩා අධික කාලයක් ප්‍රමාද වීම නිසා විභාගය සඳහා පෙනී සිටි අයඳුම්කරුවන් බලවත් අපහසුතාවයකට පත්වී ඇති බවට චෝදනා ඉදිරිපත්වී තිබේ.

වසරක කාලයක් ඇත්ළත පරිපාලන සේවා විභාග පවත්වා පුරප්පාඩු සඳහා සුදුස්සන් බඳවා ගැනීම සිදුකළ යුතු වුවත් මේවනතෙක් පසුගිය වර්ෂයට අදාළව පැවැත්වූ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් අයඳුම්කරුවෝ සිය අප්‍රසාදය පලකර තිබෙන අතර ඔවුන් චෝදනා නඟන්නේ විභාග දෙපාර්තමේන්තුවේ පවතින අකාර්යක්ෂමතාවය නිසා මෙම තත්ත්වය උදාවි ඇති බවයි.

එමෙන්ම, 2017 වර්ෂයේ ප්‍රතිඵල තවමත් නිකුත්කර නොත්බීම නිසා 2018 වර්ශය සඳහා පරිපාලන සේවයට බඳවා ගැනීමේ විවෘත හා සීමිත තරඟ විභාගයන්ද පැවැත්වීමට නොහැකිවී තිබෙන අතරම එය 2018 වර්ෂයේ තරඟ විභාගයට අයඳුම් කිරීමට අපේක්ෂාවෙන් සිටින අයඳුම්කරුවන්ටද සිදුවී ඇති බලවත් අසාධාරණයක් බවත් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් කඬිනමින් 2017 වර්ශයට අදාළ විභාගයේ ප්‍රතිඵල නිකුත්කරන ලෙස අයඳුම්කරුවන් ඉල්ලා සිටී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435