කුරුණෑගල නීතිවිරෝධී රැකියා ඒජන්සියක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලද තොරතුරක් මත බලපත‍් රහිතව කුරුණෑගල, කොළඹ පාර, නො.21 දරණ ස්ථානයේ පවත්වාගෙන ගිය වයඹ විදේශ රැකියා ඒජන්සිය නම් රැකියා නියෝජිතායතනයක් විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් පසුගියදා වටලා තිබේ. මෙහිදී මෙම ස්ථානයේ තිබී ගමන් බලපත‍්‍ර දෙකක්, විදේශ රැකියා සම්බන්ධයෙන් පළකරන ලද දැන්වීම් පති‍්‍රකා හා තවත් ලේඛන රාශියක් නිළධාරීන් භාරයට ගෙන ඇත.

මෙම ව්‍යාජ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගිය දොඩම්ගස්ලන්ද ප‍්‍රදේශයේ පදිංචි අබ්දුල් මොහොමඞ් නසීම් නම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. එහිදී අදාල සැකකරු රු.25,000 ක මුදල් ඇප හා රු.250,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලද අතර මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු කි‍්‍රයාත්මකව පවතී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435