දෝහා උසාවිය සංක්‍රමණික සේවකයන් 4ක් මරණයට අදාළ අපවහන ටැංකි නඩුවවේ සිර දඬුවම අත්හිටුවයි

2013 දී දේශීය සමාගමකට අයත් අපවහන ටැංකියක් පිරිසිදු කරමින් සිටි සේවකයන් සිව් දෙනෙක් හුස්ම හිර වීමෙන් මිය ගියහ. කටාර් අභියාචනාධිකරණය මෙම මරණවලට අදාළව එම සමාගමට එරෙහිව පනවා තිබූ දඩ මුදල සියයට 95කින් අඩු කර ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීමේ දී නොසැලකිලිමත් වීම සහ සුරක්ෂිතතාව හා ආරක්ෂාව පිළිබඳ රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කටාර් පහළ අපරාධ උසාවිය කම්හල් සේවකයන් තිදෙනෙකුට එරෙහිව හය මසක සිර දඬුවමක් පනවා තිබිණ. අභියාචනාධිකරණය එම දඬුවම ද අත්හිටුවා ඇත.

වැරදිකරුවන් කළ පුද්ගලයන් මීට කලින් අපරාධවලට සම්බන්ධ වී නැති නිසා වෙනත් අපරාධයක් කිරීමට ඉඩක් නැතැයි අභියාචනාධිකරණය සඳහන් කළ බව පුවත්පත වාර්තා කළේ ය.

එහෙත් මිය ගිය අයගේ පවුල්වලට කටාර් රියාල් 200,000 (එ.ජ.ඩො. 54,918* බැගින් වන්දි ගෙවන ලෙස පහළ උසාවිය දුන් තීන්දුව අභියාචනාධිකරණය පිළිගත්තේ ය.

සිදුවීම

මරණයට පත් සිව් දෙනා ම අල් ෂහානියාහි ශ‍්‍රම කඳවුරක වැඩ කළ ඉන්දියානුවෝ ය, අවිවාහකයෝ ය, කේරළ ජාතිකයෝ ය (ෆයිසාල්, 30; ඉෂාක්, 26; මුනීර්, 20; මොහමඞ්, 57*. 2013 ඔක්තෝබරයේ දී අපවහන ටැංකිය පිරිසිදු කිරීමේ උපකොන්ත‍්‍රාත්තුවක නියැලී සිටින අතරතුර ඒ තුළ වූ විෂ දුමාරය ආශ්වාස වීමෙන් ඔවුහු මිය ගියහ.

මෙය ”හදිසි අනතුරක්” බවත් සුරක්ෂිතතාව හා ආරක්ෂාව පිළිබඳ විධිවිධාන අනුගමනය කිරීම සම්බන්ධයෙන් ගොදුරු වූවන් ද වගකිව යුතු බවත් අභියාචනයේ දී විත්තියේ නීතිඥයා පැවසී යැයි පුවත්පත වාර්තා කර ඇත. කම්කරුවන් මුහුණු ආවරණ පැලඳීමට හා සන්නිවේදන උපකරණ තබා ගැනීමට දැන සිටිය යුතු අතර එසේ නොකිරීම සමාගමේ වරදක් නො වේ යැයි නීතිඥයා පැවසූ බව ද පුවත්පත වාර්තා කළේ ය.

සිදුවීම ඇති වූයේ අතින් කරන වැඩවල නිරත කම්කරුවන් වාසය කරන ප‍්‍රදේශයක බැවින් ඉදි කිරීම් අඩවියක සුරක්ෂිතතා හා ආරක්ෂක රෙගුලාසි අදාළ නොවන බවට ද ඔවුහු තර්ක කළහ. එහෙත් අභියාචනාධිකරණය මුලින් දුන් තීන්දුවේ සඳහන් වූයේ ආවරණය වී තිබෙන ස්ථානයක වැඩ කරන කම්කරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සමාගමේ වගකීමක් බව යි.

වැඩ බිම තුළ සුරක්ෂිතතාව නොමැතිකම කටාර්හි වර්ධනය වෙමින් පවතින ගැටලූවකි. ගොඩනැගිලි කඩා වැටීම්, උස් තැන්වලින් ඇද වැටීම් හා ඉදි කිරීම් ආශ‍්‍රිත වෙනත් අනතුරු එහි නිතර සිදු වේ. 2022 දී ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිත බැවින් එරට දැඩි ජාත්‍යන්තර සුපරීක්ෂාවකට ලක් වන අතර අඩවි පරීක්ෂකවරුන් වැඩි කර, ප‍්‍රමිතීන් වැඩි දියුණු කර මෙම තත්ත්වයන් අවම කිරීමට එරට කටයුතු කරමින් සිටී.

පෙර දෙන ලද තීන්දු කටාර්හි උසාවි කටාර්හි පිහිටි වෙනත් සමාගම්වලට එරෙහිව ද මීට සමාන තීන්දු දී ඇත. එහෙත් මානව හිමිකම් සංවිධාන පවසන්නේ මෙවැනි අපරාධ දණ්ඩනයන් පැනවී ඇත්තේ කලාතුරකින් බව යි.

පසු ගිය මාර්තුවේ දී පැරණි ගුවන් තොටුපළ ප‍්‍රදේශයේ අපවහන ව්‍යාපෘතියක වැඩ කිරීමේ දී ඉදි කිරීම් කම්කරුවෙකු මරණයට පත් වූ විට ස්වේච්ඡුාමය නොවන මනුෂ්‍ය ඝාතනයක් ලෙස සලකා දේශීය සමාගම ඊට වරදකරු කෙරිණ.

මැයි මාසයේ දී පර්ල් කටාර්හි ඉදි කෙරෙමින් පැවති කුලූනකින් ඇද වැටී කම්කරුවෙකු මිය ගිය විට කටාර්හි අපරාධ අධිකරණයක් නොසැලකිලිමත්කම හා සුරක්ෂිතතා රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දේශීය සමාගමක් වරදකරු බවට පත් කළේ ය. මෙම සමාගම් දෙකට ම ඩොලර් දහස් ගණනක් දඩ මුදල් වශයෙන් ගෙවීමට සිදු විය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435