දේශපාලන හිතවත්කම් නව විදුහල්පති පත්වීම් වලට වැට බදියි

විදුහල්පති සේවය සඳහා අලුතින් පත් කෙරුණු විදුහල්පතින් 3991 දෙනෙකුට නියෝජ්‍ය විදුහල්පති තනතුරු ලබාදීමට අධ්‍යාපන බලධාරීන් විසින් පියවර ගෙන ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනු ලබයි.

සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කරන්නේ පාසල්වල වැඩ බලන විදුල්පතිවරුන් ලෙස එම තනතුරේ සේවය කරන ගුරුවරුන් විසින් සිය දේශපාලන හිතවත්කම් ප්‍රමුඛ කරගනිමින් එම තනතුරේම ඉදිරියටත් රැදීසිටීමට උත්සාහ දරා ඇති බවයි.  ඒ හේතුව නිසා නව විදුහල්පතිවරුන් ලෙස පත්කල පුද්ගලයින්ට එම තනතුර ලබා දීමට කටයුතු නොකිරීමට පියවර ගෙන ඇති බව සඳහන් කරයි.

විදුහල්පති තනතුරු සදහා අලුතින් පත් කෙරුණු සුදුසුකම් සපුරා ඇති මෙම නව විදුහල්පතිවරුන්ට මෙහිදී දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435