
සාම්ප්‍රදායික ආචාර කිරීමේ ක්‍රමය, අතට අත දීම වේ. ජෝර්දානු ජාතිකයන් තම අරාබි සංස්කෘතිය පිළිබඳව ආඩම්බර වන අතර ආගන්තුක සත්කාරය එහි ඉතාමත් වැදගත් අංගයක් වේ. ජෝර්දානයට පැමිණෙන සංචාරකයින් සාදරයෙන් පිළිගැනීමටත්, සත්කාරකයන් ලෙස හා මඟ පෙන්වන්නන් ලෙස කටයුතු කිරීමටත් ජෝර්දානුවන් සැදී පැහැදී සිටින අතර, තම සම්ප්රදායයන් හා සංස්කෘතිය පිළිබඳව සංචාරකයන් දැනුවත් කිරීමටත් ඔවුහු දැඩි උනන්දුවක් දක්වති. ඉස්ලාම් ධර්මය නිරන්තරයෙන්ම සමාජය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. උත්සව අවස්ථාවල දී නිරතුරුව අරාබි කෝපිවලින් අමුත්තන්ට සංග්‍රහ කිරීම සුලභ දසුනකි. තවත් අවශ්‍ය නොවන බව හැඟවීම සඳහා කෝප්පය ආපසු දෙන විට එය මඳක් ඇල කළ යුතු අතර එසේ නොකළහොත් එය නැවත පුරවනු ඇත. රාත්‍රි භෝජනය සඳහා ආරාධනා ලැබුණ විට කුඩා ත්‍යාගයක් පිරිනැමීම සම්ප්‍රදායයකි. කාන්තාවන් විනීත ලෙස ඇඳීම හා පැළඳීම අපේක්ෂා කරන අතර, වෙරළේ දී භාවිතා කරන ඇඳුම් පෞද්ගලික වෙරළවල හා පිහිනුම් තටාකවල දී පමණක් ඇඳිය යුතු වේ. පුද්ගලයන්ගේ හා සතුන්ගේ ඡායාරූප ගැනීමේ දී ප්‍රථමයෙන් අවසර ගැනීම ආචාරශීලි වන අතර, ඇතැම් ස්ථානවල ඡායාරූප ගැනීම තහනම් ය.