ජීවිතය ජයගන්න කොරියාවේ රැකියාවේ නියුතු ඔබට අවස්ථාවක්!

දකුණු කොරියාවේ සේවයේ නියුතුව සිටින ලාංකික ප්‍රජාව වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පවත්වනු ලබන “දිරිය මග” දැනුවත් කිරීමේ හා උපදේශන වැඩසටහන 2018.07.08 වන ඉරිදා දින ප.ව 03.00 සිට ප.ව 05.00 දක්වා තේගු සොන්ග්බුලාම් විහාරස්ථානයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත.

(Seongbulam Temple/성불암)
Address : 대구 달성군 구지면 구지남로 35길 32
නැවිගේෂන්: 053-614-7644

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතර දැනට කොරියාවේ සේවය කරන ලක් තරුණයින්ගේ සේවා කාලය නිමවී මව් රටට ගිය පසු එහි ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා අවශ්‍ය දැනුව හා උපදෙස් ලබා දීම ඇතුළු කොරියාවේ සේවය කරන කාලසීමාව තුළ මතුවෙන ගැටළු, සේවා ස්ථානයේ ගැටළු හා ප්‍රශ්න ආදියටද පිළිතුරු ලබා ගැනීමට මෙහිදී හැකිවීම විශේෂත්වයයි.

සම්පූර්ණ විස්තරය ඇතුළත් විස්තර පත්‍රිකාව පහතින්.

වැඩිදුර විස්තර සදහා :
තානාපති කාර්යාලය – 010-7499-2966/ 02-735-2966 දිගුව 307
මිතුරන් දැනුවත් කිරීම share සදහා කරන්න.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435