ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් වගාරච්චි සමුගනී

ජනතා අරගලයේ සටන් සගයෙක් වූ, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙක් වු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් වගාරච්චි  මහතා  අභාවපාප්ත්‍ර විය.

යුක්තිය ඇතුළු පුවත්පත් ගණනාවක සේවය කළ සමන් වගාරච්චි මහතා පසුව දිනමිණ ප්‍රධාන කර්තෘ ලෙසද,ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරන ලදි. ඒ මහතා  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ කළ මුල් යුගයේ මහත් කැප විමකින් කටයුතු කළ ඔහු සමාජ ක්‍රියාකාරිකයෙක් වු කම්කරු පන්ති අරගලයට තම මාධ්‍ය තුළ සටන් කළ සගයෙක්ද විය.

ඒ මහතා ගේ දේහය කොළඔ බොරැල්ලේ ජයරත්න Respect මල් ශාලාවේ මාර්තු 16 සහ 17 වන දිනයන්හිදි මහජන ‍ගෞරවය පිණිස තැන්පත් කිරිමට කටයුතු යොදා ඇත.

ඉන්පසු මාර්තු 18 වන දින කෑගල්ලේ මාදෙයියාවේ පිහිටි ෆාම් වත්ත අංක 15/80 දරන ස්ථානයට දේහය ගෙන යනු ලබන අතර එහිදි ප.ව. 4.00 ට අවසාන කටයුතු සිදු කිරීමට නියමිතය.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435