ගල්ෆ් රටක පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප් කපා හැරීමට අවසර ලැබෙයි

කොරෝනා වසංගතය නිසා සෞදි අරාබියටද අද වනවිට දැඩි බලපෑමක් එල්ලවී තිබෙන අතර එරට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් හා වැඩ කරන පැය ගණන අඩු කිරීමට අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්,මෙලෙස වැටුප් හා වැඩකරන කාලය අඩු කිරීම කල හැක්කේ සේවකයින්ගේ කැමැත්ත පරිදි බවත් අඩු කරන ලද වැටුප් ප්‍රමාණය හා වැඩ කරන පැය ගණන නිවැරදිව සඳහන් විය යුතු බවත් සෞදි මානව සම්පත් හා සමාජ සංවර්ධන අමාත්‍යාංශය පැහැදිලිව සදහන් කරයි.

එමෙන්ම, සේවකයින්ට සිදුවෙන ඕනෑම අසාධාරණයක්, හිරිහැරයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීම් කිරීමට සේවකයින්ට අවස්ථාව සැලසෙන අතර අමාත්‍යාංශයේ වෙබ් අඩවියට හෝ සමාජ මාධ්‍ය ජාල හරහා දැනුම්දිය හැකි බව එහි අධ්‍යක්ෂ සාද් අල් හමාඩ් නිවේදනය කර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435