කොරෝනා සෞදියට රතු එළි දල්වයි -මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළට

සෞදි අරාබිය තුළ කොරෝනා වෛරසය දිගින්දිගටම ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතිබව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. අදවනවිට එරට තුළ මුළු ආසාදිතයින් ගණන 202,000ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ගතවූ පැය 24ට අලුතින් හමුවූ ආසාදිතයින් ගණන 4,193 කි. දැනට වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 1,802ක් වන අතර ගතවූ පැය 24ක කාලය ඇතුළත මියගිය පුද්ගලයින් ගණන 50කි.

එමෙන්ම 141,000ක් පූර්ණ සුවය ලබා තිබෙන බවයි සෞදි සෞඛ්‍ය අමාත්‍යාශය නිකුත්කළ වාර්තාවල සඳහන් වෙන්නේ.

තවද, පුද්ගලයින් 53,083 දෙනෙකුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බවත් බරපතල තත්ත්වයේ රෝගීන් 2,273ක් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යාශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435