කොරෝනා රැල්ල පරාජය කිරීමට නම්

“කොරෝනා” තවත් දැඩි රැල්ලක් නැගෙමින් පවතී. දිනෙන් දින Covid-19 වෛරසය ලංකාව ආක්‍රමනය කරන බව අපට පැහැදිලි වෙයි. මේ වන විට ජනතාව අතර කොරෝනා සාමාන්‍ය කරනය වී ඇති බවත් බොහෝ දෙනා ආරක්ෂක ක්‍රමෝපායන් ගැන තැකීමක් නොකරන බවත් පෙනී යයි. තවමත් සාර්ථක එන්නතක් නිපදවීමට අපොහොසත් වී ඇති නමුත්,  එය නොසලකා හැරිය හැකි තරමේ වෛරසයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත.
තුන් වැනි ලෝකයේ රටවල් වලට ඉක්මනින් පැතිරේ යැයි බලාපොරොත්තු වූ මෙම වෛරසය, මේ වන විට බලවත් රටවල් ආක්‍රමනය කර හමාරය.

• වෛරසයේ සාමාන්‍ය තත්ව යටතේ පැවැත්ම, හැසිරීම මේ වන විට හදුනාගෙන තිබීම වාසි දායකය.

• දත්ත ගබඩාව, තනි RNA දාමයක් සහිත මෙම වෛරසය Real Time PCR පරීක්ෂණය මගින් ආසාදනය තහවුරු කරයි. හොදම නිදර්ශක ලෙස Nasopharyngeal Aspiration භාවිතා කරයි.

©️ වෛරසයක් ශරීරගත වූ පමනින්ම රෝගී වෙනවාද ?

අපගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් බාහිරින් පැමිනෙන වෛරස අඩපණ කර විනාශ කරනු ලබයි. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රබලතාව හා වෛරසයේ ප්‍රබලතාව  මෙයට බලපායි. රෝගය ඇතිකිරීමට නම් වෛරසය ඉලක්ක ගත පද්ධතියට ඇතුලු විය යුතුය.

©️ Infectious dose – රෝගයක් ඇතිකිරීමට නම් වෛරස කිසියම් ප්‍රමානයක් ශරීරගත විය යුතුය. සත්‍ය වශයෙන්ම මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. එයට හේතුව  ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රබලතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් බැවිනි.

©️ වලක්වාගැනීමට කුමක් කලයුතුද?

• වෛරසය ශරීරය හා ගැටීම වලක්වා ගත හැක.

1. නියමිත ප්‍රමිතියෙන් යුත් මුඛ ආවරණ භාවිතය
2. සබන් භාවිතයෙන් අත් සේදීම
3. 70% ඇල්කොහොල් භාවිතා කර පිරිසිදු කිරීම
4. කිවිසුම් යාමේදී ටිෂූ භාවිතා කරන්නේ නම් ආරක්ෂිතව එය ඉවත් කිරීම,
ලේන්සු භාවිතා කරන්නේ නම් හොදින් සෝදා අව්වේ වියලා ගැනීම.
ටිෂූ හෝ ලේන්සු නොමැති නම් කිවිසුමකදී වැලමිට භාවිතයෙන් “බිදිති” පැතිරීම වැලැක්වීම
5. සෙනග ගැවසෙන ස්ථාන වලින් බැහැර වීම
සරලව දැක්විය හැකිය.

• ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බල ගැන්වීම

ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම මගින් රෝගය වලක්වා ගත හැකිය. අප ඒ සදහා වැඩි අවධානයක් යොමු කල යුතුය.

©️ ප්‍රතිශක්තිකරණය ඉහල නැංවිය හැක්කේ කෙසේද ?

කෘතිම ආහාර ද්‍රව්‍ය වලට වඩා ස්වාභාවික ආහාර වල ඇති Antioxidants මගින් ප්‍රතිශක්තිකරණයට සුවිශේෂී දායකත්වයක් සපයයි.

• දුම්පානය, මත්ද්‍රව්‍ය භාවිතා නොකරන්න.
• පලතුරු හා එළවළු අධික ආහාර වේලක් අනුභව කරන්න.
• නිතිපතා ව්‍යායාම කරන්න.
• නිරෝගී බරක් පවත්වා ගන්න.
• ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.

ඇතැම් ආහාර මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තබා ගැනීමට උපකාරී වේ. මෙම ආහාර ඇතුළත් ආහාර වේලක් සැලසුම් කර ගන්න.

• සිට්රස් කුලයේ පළතුරු
බොහෝ අය සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු පසු විටමින් C භාවිතා කරයි. එයට හේතුව එය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩනැගීමට උපකාරී වන නිසාය . විටමින් සී සුදු රුධිරාණු නිපදවීම වැඩි කරයි. ආසාදන වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙයි.
විටමින් C ශරීරය නිපදවන්නේ හෝ ගබඩා කරන්නේ නැති නිසා, අඛණ්ඩව දිනපතා විටමින් සී අවශ්‍ය වේ. සෑම පැඟිරි ගෙඩියකම පාහේ විටමින් සී අඩංගු වේ.
• විටමින් A සහ C අඩංගු එලවලු පලතුරු භාවිතය වැඩි කරන්න.
• කෘතිම බීම, අයිස්ක්‍රීම්, ක්ෂනික කෑම අඩු කරන්න.
• ස්වභාවික පානයන් භාවිතා කරන්න.

රෝග ලක්ෂණ පහල වුවහොත් රජයේ රෝහලක සහය ලබා ගන්න.

ප්‍රතිශක්තිකරණය වැඩි කිරීම මගින් “නව කොරෝනා” පරාජය කල හැක.

රජිත් ප්‍රියංකර ගමගේ

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435