කොරෝනා මැද මක්කම වන්දනා ඇරඹෙයි

ඉස්ලාම් බැතිමතුන් වාර්ෂිකව සමරන රාමසාන් උපවාස සමය අප්‍රේල් මස 24 වෙනි දින සිට ආරම්භ කෙරුණු නමුත් ඔවුන්ගේ වන්දනීය පුදබිම වන සෞදියේ මක්කම ජනශූන්‍යව පැවති බව සෞදි පුවත් සේවා වාර්තා කරයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පල්ලියේ පැවැත්වෙන දේව මෙහෙය සඳහා සහභාගී නොවෙන ලෙස සෞදියේ සල්මාන් රජු සෞදි වැසියන්ට පමණක් නොව ලොව සෑම රටකම මුස්ලිම් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.

කෙසේ වෙතත් මක්කම, මදීනා නගරවල ප්‍රධාන ශුද්ධ වූ මුස්ලිම් දේවස්ථාන රාමදාන් සමයේ වසා දැමීමට සෞදි රජය තීරණය කළේ මීට සති දෙකකට ඉහතදීය.

පුදභූමිය වෙත ඇතුලුවීමට මෙවර බැතිමතුන්ට අවස්ථාව අහිමි වූ අතර දේවස්ථානයේ කාර්ය මණ්ඩලයට පමණක් මක්කම වන්දනා කිරීමේ අවස්ථාව ලැබුණි.

රාමසාන් උපවාස සමයේදී ශුද්ධ වූ මක්කම වසාදැමුණේ වසර 1400ක් වන ඉතිහාසයේ පළමුවරටයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435