කොරෝනා නීති උල්ලංඝනය කළොත් දැඩි දඬුවම් – සෞදියෙන් නිවේදනයක්

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමඟ සෞදි අරාබිය විසින් එරට වැසියන්ගේ ආරක්ෂාව සඳහා ක්‍රියාමාර්ග රැසක් ගත් අතර එමඟින් සිය වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත් වසංගතය පාලනය කිරීමත් අපේක්ෂා කරන ලදී.

සෞදි අරාබිය විවින් පසුගියදා නිකුත්කළ නවතම නිවේදනයට අනුව කොරෙනා හේතුවෙන් පනවා ඇති නීති රීති කඩකරන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සඳහා වෙනමම පොලිස් ඒකකයක් පිහිටුවා ඇති බව සඳහන්.

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් මෙම පොලිස් ඒකකය පිහිටුවා තිබෙන අතර එමඟින් පුද්ගලයින්ගේ හැසිරීම් හා ක්‍රියාකලාපය විමර්ශනශීලීව නිරීක්ෂණය කිරීම සිදුකරන අතර වැරදි කරන පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට නියමිතයි.

මෙලෙස පනවා ඇති නීති රීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව සෞදි රියාල් 100,000ක් දක්වා දඬ මුදලක්ද නියම කරන බවත් සඳහන්.

අදවනවිට සෞදි අරාබියෙන් කොරෝනා ආසාදිතයින් 35,432 ක් හඳුනාගෙන තිබෙන අතර වෛරසය හේතුවෙන් මියගිය ගණන 229ක්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435