කොරෝනා නිසා සෞදිය තවත් නොසන්සුම් – මෙන්න එරට අලුත්ම තත්ත්වය

කොරෝනා නිසා සෞදිය තවත් නොසන්සුම් වී තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. එරට කොරෝනා ආසාදිතයින් ගණන මේවන  විට 3000ත් ඉක්මවා ගොස් තිබෙන බවයි සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ.

ප්‍රධාන නගර ලෙස ගත්කළ රියාද් හි 691ක්, මක්කම 508ක්, මදීනා හි 397ක්, ජෙඩ්ඩා හි 346ක්, මතිෆ් හි 149ක්, දමාම් හි 122ක් සහ අනෙකුත් ප්‍රාදේශීය නගර වන තබුක් 58ක්, කොබාර් 39ක්, තායිෆ් 33ක්, දහරාන් 32ක් හා සෞදියේ දුර ප්‍රදේශවලින් සුළු ආසාදිතයින් ප්‍රමාණයක්ද වාර්තා වෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

සමීක්ෂණ වාර්තා උපුටා දක්වමින් සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ සියලුම පුරවැසියන් තම වගකීම නිසියාකාරව ඉටු කරමින් උත්සව සම්භාෂණ එක් රැස්වීම, සමාජ දුරස්ථභාවය, රකිමින් නිවෙස් තුළම සිටින ලෙසයි. එලෙස නොසිටියොත් ඉදිරි සති කිහිපය තුළ ආසාදිතයින් ගණන දසදහසේ සිට ලක්ෂ දෙකකට නොඅඩු ප්‍රමාණයකින් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි.

එමෙන්ම, සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරමින් ප්‍රකාශ කරන්නේ සෞදි අරාබියේ වෙසෙන ඕනෑම අයෙකු කොරෝනා ආසාදිතයින් බවට පත්වී ඇත්නම් රජයේ සහ පෞද්ගලික රෝහල්වල නොමිලේ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435