කොරෝනා නිසා සෞදියේ සිරවී සිටි ලාංකිකයින් 275ක් කටුනායකට

මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 275 දෙනෙකු රියාද් නුවර සිට රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(07)  උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙලෙස පැමිණ ඇති වැඩි පිරිසක් සෞදි අරාබියේ රැකියාව සඳහා විදේශගත වූ අයයි.

මොවුන් සෞදි අරාබියේ රියාද් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන විශේෂ ගුවන් යානයෙන්  උදෑසන 7.10 ට කටුනායක  ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මීට අමතරව කටාර් රාජ්‍යයේ දෝහා සිට  අලුයම 1.45 ට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන්, කටාර් රාජ්‍යයේ නැව්වල සේවය සඳහා ගොස් සිටි ලාංකික නාවිකයෝ 5 දෙනෙක්ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435