කාන්තාවන් වෙනුවට පිරිමින් මැද පෙරදිගට

02 January 2014 – archive.wedabima.lk

 

පවුල් සංස්ථා බිඳ වැටීම් වලක්වා ලනු වස් මැද පෙරදිග රටවලට යාම සඳහා කාන්තාවන් වෙනුවට පිරිමින් දිරි ගැන්වීමට ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැරසෙයි.

 

එහෙත් මේ තීන්දුව විදේශ සේවා නියෝජිත ආයතන හිමිකරුවන්ගේ මෙන්ම මානව හිමිකම් ක්‍රියාධාරීන් ගේ දෝෂ දර්ශනයට ලක් වී තිබේ.

 

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශකයෙක් එල්මෝ ප්‍රනාන්දු හා කියා සිටියේ උදා වන වසරේ නව සැලසුම ක්‍රියාවේ යෙදවීම රජයේ අපේක්ෂාව බවයි.

 

“මවුවරු විදේශ රැකියා සඳහා යාමෙන් දරුවන්ටත් පවුල් වලටත් ඇති වන ප්‍රශ්න දිහා බලලා, ස්වාමි පුරුෂයා විදේශ රැකියාවට යාම තමයි දැනට තියෙන හොඳ ම දේ හැටියට පෙනෙන්නේ,” යි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය පැවසීය.

 

පොලී රහිත ණය

 

නව සැලසුම සඳහා පිරිමින් ට ණය පහසුකම් පවා ලබා දීමට සුදානම් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

 

කෙසේ වෙතත්, විදේශ රැකියා නියෝජිතයන් රජයේ යෝජනාව දෙස බලන්නේ සැකයෙන්.

 

“මගේ ලයිසන් එකට අවුරුදු එකොළහයි. මම පිරිමි තුන් දෙනකුට වඩා යවලා නැහැ,” යි විදේශ රැකියා නියෝජිත ලංකා විජිත කුමාර ප්‍රකාශ කළේ ය.

 

සැමියා විදේශ ගත කිරීමෙන් අනතුරුව හුදකලා වන බිරින්දෑ වරුන්ගේ ආරක්ෂාව සහතික කැරෙන්නේ කෙසේ ද යන්නත් ඔහු විමසයි.

 

‘දෙබිඩි පිළිවෙතක්’

 

පිලිපීන කාන්තාවන් ද බහුල වශයෙන් මැද පෙරදිග රැකියා වල නිරත වන බව පෙන්වා දෙන කාන්තා ක්‍රියා ධාරීන් පවසන්නේ ජාත්‍යන්තර කාන්තා ප්‍රඥප්තිය අනුව ඔවුන්ගේ සේවා අයිතීන් සහතික කොට දීමට පිලිපීන බලධාරීන් පියවර ගෙන තිබෙන බවයි.

 

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ට එසේ කළ නො හැක්කේ ‘මානව හිමිකම් උල්ලංඝන හා මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් අවසාන වශයෙන් රැකවරණ පතා’ මැද පෙර දිග ආණ්ඩු වෙත යාමට සිදු වී ඇති හෙයින් බවයි ලක්බිමේ මවුවරු සහ දියණියෝ සංවිධානයේ නිමල්කා ප්‍රනාන්දු පවසන්නේ.

 

ආණ්ඩුවේ නව සැලසුම ඇය විසින් හඳුන්වනු ලැබුයේ ‘දෙබිඩි පිළිවෙතක්’ ලෙසයි.

 

මුලාශ්‍රය – bbc.uk/sinhala

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435