කම්කරුවනුත් කොළඹ නගර සභාවේ වාහන පදවයි

31 ජුලි 2014 – archive.wedabima.lk

 

වාහන සංඛ්‍යාව 700 කට අධික කොළඹ මහ නගර සභාව ඒවායේ සේවයේ යොදවා ඇත්තේ වෘත්තීය රියැදුරන් 470 ක් පමණක් බව වාර්තා වෙයි.

 

නිශ්චිත රියැදුරකු නොමැති කමින් වාහන 300 ක් පමණ නිළධාරීන් මෙන්ම කම්කරුවන් ද පදවන බවද පැවසේ.

 

ප‍්‍රවාහන නිළධාරියකු හෝ නියමිත භාරකරුවකු නොමැති කමින් මෙම වාහන වැඩිම සංඛ්‍යාවක් අයාලේ යමින් පවතින බවද පැවසේ.

 

තත්වය එසේ තිබිය දී පසුගිය දා රුපියල් කෝටි ගණනක් වටිනා වාහන 12 ක් මිල දී ගෙන ඇතැයි ද දැනගන්නට තිබේ.

 

නගර සභාවේ වාහන හිමිකම් නොමැති බොහෝ නිළධාරීන් පවා ඒවායේ හිමිකරුවන් වී සිටින අතර, වාහන නිවෙස්වල පෞද්ගලික පරිහරණයට යොදා ගන්නා බවට ද එහි සේවක පිරිස් චෝදනා කරති.

 

මෙම වාහන සඳහා මෙම වසරේ ඇස්තමේන්තුවේ ඉන්ධන වියදම රුපියල් කෝටි 40 කට ආසන්න බව එහි වාර්තා අනාවරණය කරයි.

 

මූලාශ්‍රය – ලංකාසීනිව්ස්

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435