
පවතින කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් යළි දිවයිනට පැමිණීමට නොහැකිව සිටින තමන්ව හැකි ඉක්මණින් දිවයිනට ගෙන්වා ගන්නැයි ඊශ්‍රාලයේ රැකියා සදහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයෝ 100කට ආසන්න පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වේ.
මෙලෙස ඉල්ලීම් කර ඇති ලාංකිකයින් පිරිස දිවයිනට පැමිණිමට අපේක්ෂාවෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දැනටමත් ලියාපදිංචිව සිටින අතරම තමන්ව හැකි ඉක්මනින් දිවයිනට ගෙන්වා ගන්නා ලෙසත් පැමිණි පසු හෝටල්වල නිරෝධායනය වීමට කැමති බවත් ලිඛිතව ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
කොවිඞ් වසංගත තත්ත්වය නිසා නැවත ලංකාවට පැමිණීමට නොහැකිව සිටින මෙම පිරිසෙහි ගර්භනී කාන්තාවන්, හෘද රෝග, පිළිකා, අවදානම් සහිත සෞඛ්‍ය තත්වයේ පසුවන අය, වීසා කල් ඉකුත් වූ අය, රැකියා වීසා අවලංගු වූ අයද සිටින බවත් එම පිරිස අතර සිටින ජනත් විමල මහතා ප්‍රකාශ කරයි.
මේ සියලු කාරණා සලකා බලා නොවැම්බර් මාසය ඉකුත්වීමට පෙර මේ සියළුම දෙනාට දිවයිනට පැමිණීමට ගුවන් යානයක් ලබා දෙන ලෙස මෙම පිරිස කාරුණික ආයාචනාවක් කර තිබේ.
වැඩබිම