
කොරෝනා ආසාදනය වූ ලාංකිකයින් 27 දෙනෙකු ඊයේ (10) දිනයේදී මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.
ඒ අනුව එලෙස හඳුනාගත් 27 දෙනා ඇතුළුව මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 2871ක් දක්වා ඉහළ ගොස් ඇත.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි ඊයේ (10) වාර්තා වූ ආසාදිතයින් 27 දෙනාගෙන් 23ක් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි රැඳවියන් වන අතර ඉතිරි සිව්දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්කර සිටි අය යි.
අදවනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 267ක් දක්වා අවම වී තිබෙන අතර කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 14 දෙනෙකු පූර්ණ සුවය ලබා ඊයේ දිනයේ රෝහලෙන් පිටවී ගොස් තිබේ.
ඒත් සමඟ මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් ගණන 2593කි.
වැඩබිම