
ෂරියා නීතිය
ෂරියා නීතිය සිදු විය හැකි සියලූ මානව කි‍්‍රයාකාරකම් අවසරලත් (හලාල්) හා තහනම් (හරාම්) යනුවෙන් බෙදා සවිස්තරාත්මකව දැක්වීමට උත්සාහ කරයි.
මෙම සුවිශාල නීති සංග්‍රහය ආගමික ජීවිතයේ, වන්දනාමාන කිරීමේ, පූජාවිධි පාරිශද්ධත්වයේ, විවාහයේ හා උරුමයේ, සාපරාධී වරදවල්වල, වෙළෙඳාමේ හා පෞද්ගලික චර්යාවේ සියලූ කාරණා හසුරුවයි.
එසේම එය ඉස්ලාමීය රාජ්‍ය පාලනය ද රාජ්‍ය ඇතුළත මුස්ලිම් නොවන්නන් මෙන්ම රාජ්‍යයෙන් පිටත සතුරන් සම්බන්ධයෙන් වන එහි සබඳතාවන් ද හසුරුවයි.
බටහිර නූතන ප්‍රමිතීන්ට සාපේක්ෂව ගත් කල ෂෙරියා නීතියේ විධිනියමයන් අතිශයින්ම කර්කශ ය.
අරාබි ජාතීන් තුළ නීතියට එරෙහිව ඔබ යම් වරදක් කර ඇත්නම් ලැබෙන ප්‍රතිවිපාක පහතින් එන ඒවා ය.
ෂරියා නීතිය, හමුවේ සියලූ දෙනාගේම මානව අයිතිවාසිකම්, ආගමික නිදහස හා සමානත්වය පිළිබඳ නූතන මූලධර්ම බොහොමයක් උල්ලංඝනය කරයි.
නිදසුන් ලෙස, එල්හදියා (Hudud) දඬුවම් යනු දෙවියන් වහන්සේට විරුද්ධව කරන ලදැයි දෙවියන් විසින්ම අර්ථ දක්වා තිබෙන වැරදි සම්බන්ධයෙන් ෂෙරියා නීතිය මගින් නිර්දේශ කරනු ලබන බරපතල දඬුවම් ය. මෙම අපරාධ සඳහා වන දඬුවම් දෙනු ලබන්නේ දෙවියන් වහන්සේ විසින්ම නියම කරන ලද හා මනුෂ්‍යයන් විසින් වෙනස් කරනු ලැබිය හැකි ඒවා ලෙස ය. මෙම දඬුවම් වලට අනාචාරය සඳහා දඬුවම් ලෙස කස පහර 100 ක් ගැසීම හෝ ගල් ගසා මරා දැමීම; අනාචාරය පිළිබඳ බොරු චෝදනා සඳහා කස පහර 80 ක් ගැසීම; සොරකම සඳහා අවයව ජේදනය; මත්පැන් පානය සඳහා කස පහර 40 ත් හෝ 80 ක් ගැසීම; මහා මාර්ගවල මංකොල්ල සඳහා බන්ධනාගාරගත කිරීම, අංග ජේදනය හෝ මරණ දඬුවම් (බරපතල සිද්ධිවලදී කුරුසියේ තබා ඇණ ගැසීම මගින්); හා ඉස්ලාම් දහමෙන් ඉවත්වීම සඳහා මරණ දඬුවම් ඇතුළත් වේ.
ආගම අත් හැරීම සඳහා වන දඬුවම් දීමේ ක්‍රමවලට හිස ගසා දැමීම, කුරුසියට තබා ඇණ ගැසීම, පිච්චීම, ගෙල සිරකර මරා දැමීම, දියේ ගිල්වා මැරීම, උල සිටුවීම හා හම ගැසීම ඇතුළත් විය හැකි ය. ආගම අත්හරින්නන්ට ඔවුන්ගේ මරණින් පසු ශිෂ්ට සම්පන්න මිහිදන් කිරීමක් අහිමි කරනු ලබන අතර ඔවුන් මරා දැමීමට සහභාගිවන මුස්ලිමුන්ට ස්වර්ගය තුළ සදාතනික පරිදානයක් ප්‍රතිඥා කෙරේ.