
හෝටල් සේවක අත්වැල 11
අර්ථසාධක අරමුදල නැවත ලබා ගැනීම සඳහා ඉල්ලූම් කිරීම පුරුෂ පක්ෂයට වසර 55 සම්පූර්ණ වූ විටද ස්ත්‍රී පක්ෂයට වසර 50 සම්පූර්ණ කළ විටද කළ හැක. අර්ථසාධක අරමුදලට දායක වී සිටින යම් සේවකයෙකු රජයේ විශ්‍රාම වැටුප් ලබන තනතුරකට ගියහොත් එතෙක් දායක වූ මුදල් ලබා ගත හැක. යම් සේවකයෙකු වෛද්‍ය හේතු මත සේවය නතර කරන්නේ නම් එම හේතුව මත අර්ථසාධක අරමුදල ලබා ගත හැක. ඒ සඳහා වෛද්‍ය මණ්ඩලය එය නිර්දේශ කළ යුතු වේ. එමෙන්ම ආපසු නොඑන බලාපොරොත්තුවෙන් සේවකයෙකු රට හැර යන්නේ නම් එවිටද සේවක අර්ථසාධක අරමුදලේ ප්රතිලාභ ලබා ගත හැක. අරමුදලට කාන්තාවක් දායක වී ඇති අවස්ථාවක ඇය විවාහ වීමේ හේතුව මත නැවත රැකියාවේ නිරත වීමට බලාපොරොත්තු නොවේ නම් විවාහයෙන් අවුරුදු 5ක් තුළ සේවයෙන් ඉල්ලා අස් වී ප්රතිලාභ ලබා ගත හැක. ඒ සඳහා එම ඉල්ලා අස්වීමෙන් මාස තුනක් අතුලත මුදල් ආපසු ලබාගැනීමට ඉල්ලූම් කල යුතුය.
සේවකයෙකු මරණයට පත් වූ විට එම සේවකයාගේ උරුමකරුවන්ට මෙම ප්රතිලාභ ලබා ගත හැක. අරමුදලට බැඳෙන විටම තමන්ගේ මරණින් පසු ප්‍රතිලාභය හිමිවිය යුතු තැනැත්තා නම් කළ හැක. එසේ නොවන විට එය යැපෙන්නන්ට හිමි වේ. මෙහිදී යමෙකු තම විවාහයට පෙර නම් කොට ඇති තැනැත්තා හට ප්රතිලාභ ලබා ගැනීමට ඇති අයිතිය, එලෙස කරන නම් කිරීම අර්ථසාධක අරමුදල් දායකවන්නාගේ විවාහයෙන් පසු අවලංගු වේ.
මීළඟ කොටස : සේවක භාරකාර අරමුදල
මෙම හෝටල් සේවක අයිතිවාසිකම් අත්වැලේ මීළඟ කොටස ලබන සතියේ අගෝස්තු 05 වන බදාදා පල කෙරේ.
වැඩබිම
මේ හා සබැඳි වෙනත් ලිපි :
- හෝටල් සේවක අත්වැල 01 – ඔබව ආවරණය කෙරෙන නීති රීති මොනවාද ?
- හෝටල් සේවක අත්වැල 02 – අවම වැටුප් සැකසෙන්නේ කෙසේද?
- හෝටල් සේවක අත්වැල 03 – සේවා ගිවිසුම සැකසෙන්නේ කෙසේද?
- හෝටල් සේවක අත්වැල 04 – වැඩ කරන වේලාවන් හා එයට අදාළ ගෙවීම්
- හෝටල් සේවක අත්වැල 05 – නිවාඩු
- හෝටල් සේවක අත්වැල 06 – වැටුපෙන් අඩු කිරීම්, දඩ හා වැටුප් ගෙවීම්
- හෝටල් සේවක අත්වැල 07 – සේවයේ යෙදවිය හැකි වයස් කාණ්ඩයන්, ස්ත්‍රී-පුරුෂ බව හා වේලාවන්
- හෝටල් සේවක අත්වැල 08 –සේවා ගාස්තු : Service Charge
- හෝටල් සේවක අත්වැල 09 – අනතුරු සඳහා වන්දි ලබා ගැනීම
- හෝටල් සේවක අත්වැල 10 – සේවක අර්ථසාධක අරමුදල සේවකයන්ට වැදගත් වන අයුරු
වැඩබිම