අධිවේගී මාර්ගයේ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු කටාර්හි සංක්‍රමණික සේවකයින්ට අනතුරු ඇඟවීමක්!!

කටාර්හි ජාත්‍යන්තර ඉදිකිරීම් හා ඉංජිනේරු සමාගම් කිහිපයක් තම සේවකයන්ට මෙම සතියේ ආරක්ෂක නිවේදනයක් නිකුත් කර තිබේ. මෙයට හේතුවී ඇත්තේ සමාගම් බස් රථ රියදුරන් දෙදෙනෙකුට අවස්ථා දෙකකදී සිදුවූ පහරදීම් හා තුවාල ලැබීම් ය.

මේ සිදුවීම් දෙකම සිදුවී තිබෙන්නේ 2017 දී විවෘත කිරීමට නියමිත කටාර් රියාල් බිලියන 3.26 ක වියදමින් ඉදිකෙරෙන කක්ෂීය අධිවේගී මාර්ගය හා දෝහා සහ අල්හෝර් අතර ඉදිවන ට්‍රක් රථ මාර්ගය ආසන්නයේයි.

මෙහි ආසන්නතම සිදුවීම ලෙස වාර්තා වී ඇත්තේ පසුගිය සෙනසුරාදා උදේ 5ට පමණ ඉහත සඳහන් ඉදිකිරීම් සිදුවන වැඩබිම් වෙත සංක්‍රමණික සේවකයන් රැගෙන ආ මිනි බස් රථයක් නැවැත්වූ SUV රථයකින් පැමිණි පුද්ගලයෙක් බස් රථයට වෙඩි තැබීමයි. වෙඩි තැබූ පුද්ගලයා මෙතෙක් හඳුනා ගෙන නොමැති අතර ප්‍රහාරයේ අරමුණ කුමක්ද යන්නද මෙතෙක් පැහැදිළි නොමැත.

ප්‍රහාරයෙන් බස් රථ රියදුරා තුවාල ලබා තිබුණේ, වෙඩි පහර වලින් විසිවූ වීදුරු කුඩු වැදීම හේතුවෙන්. බස් රථය තුල සිටි සංක්‍රමණික සේවකයන්ට කිසිදු තුවාලයක් සිදුවී නොතිබිණි.

සැප්තැම්බර් 02 වන දිනද, උදෑසන පහට පමණ එලෙස සංක්‍රමණික සේවකයන් රැගෙන ආ බස් රථයක් නැවැත්වූ SUV රථයකින් පැමිණි පුද්ගලයෙක්, බස් රථයේ රියදුරු ඉන් පිටතට ගෙන පහර දී තිබුණි.

මෙම සිදුවීම් වලින් පසු සංක්‍රමණික සේවකයන් රැගෙන වැඩබිම් කරා යන ප්‍රධාන සමාගම් වල බස් රථ රියදුරන්ට අවවාද කොට ඇත්තේ නොහදුනන රථ සඥා කළහොත් නොනවත්වා ධාවනය කරන ලෙසයි. ඒ රියදුරන්ගේ හා වැඩබිම් හි සේවයේ නිරතවන සංක්‍රමණික සේවකයන්ගේ ආරක්ෂාව පිණිසයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435