[Video] සයිටම් විරෝධිව කම්කරු වෘත්තීය සමිති මහපාරට බසී

ලංකා වෙළද , කාර්මික සහ පොදු කම්කරු සංගමය, කාර්මික සේවක සංගමය හා සයිටම් විරෝධී විරෝධී සිසු ජන පවුරද එක්ව සයිටම් විරෝධී වැඩ වර්ජනයට සමගාමීව දැවැන්ත පාගමනක් හා රැළියක් ඊයේ දිනයේ (07) පවත්වන ලදී.

මෙම පාගමන රත්මලාන නගරයෙන් සවස 03ට ආරම්භව ගල්කිස්ස දක්වාත් ගමන් කළ අතර සවස 05ට ගල්කිස්සේදී සයිටම් විරෝධී ජන රැළිය ආරම්භ වූහ .

ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ ප්‍රධන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි මහතා සයිටම් විරෝධී පාගමනක් හා රැළිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ නිදහස් අධ්‍යාපන අයිතියටත් නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් එල්ල වී ඇති තර්ජන සැලකිල්ලට ගනිමින් මෙලෙස විරෝධතාවයක් සංවිධානය කළ බවයි.

සිය සේවකයින් රාජකාරි නවත්වා සයිටම් විරෝධී උද්ඝෝෂණයකට සම්බන්ධවූ ප්‍රථම අවස්ථාව මෙය වනබවත් හෙතෙම වැඩබිමට අදහස් ප්‍රකාශ කරන ලදී.

එම පාගමනේ හා රැළියේ සුවිශේෂී අවස්ථාවල ඡායාරූප හා වීඩියෝ පහතින් දැක්වෙයි.

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435