PHI ගැටළුවට විසඳුම් නොලැබුණුත් 20 සිට අඛණ්ඩ වර්ජනයේ

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටළුවට අද දිනයේ ( 14) දිනයේ සාධනීය පිළිතුරක් ලැබෙනු ඇතැයි ආපේක්ෂා කරන බව වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පවත්වාගෙන ගිය වැඩවර්ජනය මේවන විට තාවකාලිකව අත්හිටුවා ඇතත් උතුරු පළාතේ එය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත්, ඊයේ දිනයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී උතුරේ ප්‍රධාන අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට අද දිනයේ අවසන් පිළිතුරක් ලබාදෙන බව ප්‍රකාශ කළ බවත් උපුල් රෝහණ මහතා වැඩබිමට කියා සිටියේය.

ගැටළුවට සුබවාදී ප්‍රතිචාරයක් නොලැබුණහොත් ලබන  20 වන දින සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයකට යාමට අපේක්ෂා කරන නමුත්, අමාත්‍යවරයා විසින් ඊයේ සුභවාදී ප්‍රතිචාර දැක්වීම නිසා එසේ අඛණ්ඩ වර්ජනයකට යාමට සිදුනොවනු ඇතැයි රෝහණ මහතා පෙන්වා දුන්නේය.

උතුරු පළාත් පාලන දෙපාර්තමේන්තුව ටයටතේ යාපනය නගර සභාවේ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පස් දෙනෙකු සෞඛ්‍ය ලේකම්වරයා විසින් අත්තනෝමතික ලෙස ස්ථානමාරු කිරීමට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වෘත්තීය ක්‍රියා මාර්ගයක් දියත් කර තිබේ.

සෞඛ්‍ය ලේකම්වරයාට පළාත් පාලන දෙපාර්තමේන්තුව යටතේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ස්ථාන මාරුකිරීමට බලයක් නොමැති බවත්, එය කළ යුත්තේ පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් බවත් රෝහණ මහතා පෙන්වා දුන්නේය.

පත්වීම, ස්ථාන මාරු හා විනය ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුකාරවරයා විසින් බලය පවරා ඇති බවට සෞඛ්‍ය ලේකම්වරයා ලියවිල්ලක් ඉදිරිපත් කළ බවත්, හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා සම්බන්ධයෙන් එය වලංගු බව දක්වන බවත් ඔහු සිහිපත් කළේය.

එසේ වුවද , එකී ලියවිල්ල  වත්මත් ආණ්ඩුකාරවරයා විසින් ලබාදුන් ලියවිල්ලක් නොවන බවත්, එය හිටපු  ආණ්ඩුකාර ජී.ඒ චන්ද්‍රසිරි මහතා විසින් එවක සිටි සෞඛ්‍ය ලේකම්වරයාට ලබාදුන් ලියවිල්ලක් බවත් පෙන්වාදෙන උපුල් රෝහණ මහතා අවධාරණය කර සිටියේ  ස්ථාන මාරුවීම්වලට තමන් එරෙහි නොවන නමුත් ඒවා නිසි ක්‍රමවේදයට අනුව සිදුවිය යුතු බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435