
2018-2020 කාලයට අදාල සාමූහික ගිවිසුමේ වැටුප් නොවන දීමනා එකඟතා ගිවිසුම ලංකා බැංකු සේවක සංගමය සහ HDFC කලමනාකාරීත්වය අතර (06) දින අත්සන් තැබන ලදි.
මේ අනුව HDFC බැංකු සේවකයින්ගේ නිවාස ණය, වෛද්‍යාධාර දීමනා ඇතුලු තවත් දීමනා රැසක් වැඩිවීමට නියමිතය.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙවන් සේවක වරප්රසාදයන් රැසක් සහිත සාමූහික ගිවිසුමක් දිනාගැනීම ලංකා බැංකු සේවක සංගමය වටා ඒකරාශී වූ සමස්ත HDFC බැංකු සාමාජිකත්වයේම ජයග්‍රහණයක් බව සංගමය පෙන්වා දෙන ලදි.
ලංකා බැංකු සේවක සංගමය බැංකු වලින් ජනතාවට සිදුවිය යුතු යුතුකම් මෙන්ම සාමාජිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ද ඉතාමත් වගකීමෙන් යුතුව මැදිහත් වෙමින් සිටින බවත්, බැංකු පද්ධතියේත්, බැංකු සේවකයාගේත් ආරක්ෂාව සඳහා ලංකා බැංකු සේවක සංගමයේ අප්‍රතිහත ධෛර්යය සහ කැප කිරීම මෙම සාමූහික ගිවිසුම අත්සන් තැබීම හරහා යලි යලිත් තහවුරු කර ඇති බව එම සංගමය පවසයි.
මේ අවස්ථාව සඳහා HDFC බැංකුවේ ආයතනික කළමනාකාරීත්වය සහ ලංකා බැංකු සේවක සංගමය වෙනුවෙන් ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා, ජ්‍යෙෂ්ඨ උප සභාපති විමල් චන්ද්‍රසේන මහතා සහ HDFC ශාඛා සංගමය නියෝජනය කරමින් මව් සංගමයේ උප ලේකම් කේශර කෝට්ටෙගොඩ මහතා ඇතුළු ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.