කළ නොකළ යුතු
මාලදිවයිනේ සමාජ සම්මතයන්
- මත්ද්‍රව්‍ය විරෝධී හා ඒවාට එරෙහිව දැඩි දඩුවම් පමුණුවන නීති පිළිබඳව මාලදිවයින් ජාතිකයෝ දැඩි සැලකිල්ල යොමු කරති.
- මාලදිවයිනේ සිරිත්වලට අනුව, සමලිංගික සබඳතා කිසිසේත්ම අනුමත කරනු නොලැබේ.
- වරදකරුවන් සිර දඬුවම් වලට හා දඩවලට යටත් වේ.
- මද්‍යසාර පානය කළ හැක්කේ මාලදිවයිනේ සංචාරක නිකේතන තුළ පමණකි. ඉන් පිටත කිසි තැනක මද්‍යසාර පානය කළ නොහැකිය.
- ඔබට සැහැල්ලූ සුවපහසු ඇඳුම් ඇඳිය හැකි නමුත්, මූලිකව ම විනීත බව ආරක්ෂා වන පරිදි ඒවා ඇඳිය යුතුය.
- පල්ලියකට ඇතුළු වන විට, ඔබ ඔබේ ශරීරය නිසි පරිදි ආවරණය කර සිටිය යුතුය.
- ජනතාවට ආචාර සමාචාර කිරීමේ වඩාත් සුලබ ක්‍රමය අතට අත දීමය.
- ඉස්ලාම් ආගම හැර අන් ආගම් ප්‍රසිද්ධියේ ඇදහීම සපුරා තහනම් ය.