සම්බන්ධ වීම
ජෝර්දානයේ දේශීය ඇමතුම් මධ්‍යස්ථාන
හදිසි ඇමතුම් අංකය – 911 – දවසේ ඕනෑම මොහොතක ඕනෑම දුරකතනයකින් ගින්නක්, කලබලයක් හෝ ඔබට හිරිහැරයක් සිදුවිම වැනි ඕනෑම හදිසි අවස්ථාවක් දැනුම්දීම මෙම අංකය හා සම්බන්ධ වන්න.
පොලිස් ක්ෂණික ඇමතුම් අංකය – 191 – අපරාධයක්, මානව හිමිකම් උල්ලංඝනයක්, ත්‍රස්තවාදී ක්‍රියාවක්, සොරකමක් වැනි අවස්ථාවන් පිලිබඳ පැමිණිලි කිරීම සඳහා මෙම අංකය හා සම්බන්ධ වන්න.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය (Embassy of Sri Lanka)
තානාපති කාර්යාලය පිහිටුවා ඇත්තේ ඔබට අවශ්‍ය රැකවරණය, සහය ලබා දීම සඳහාය.
ගමන් බලපත්‍ර, වන්දි ලබා ගැනීමට අවශ්‍ය කරන තහවුරු කරන ලද ලිපි ලේඛන සැපයීම.
ලංකාවට පැමිණීමට පෙර උප්පැන්න හෝ මරණ සහතික අවශ්‍ය වුවහොත් මුල් පිටපත ලබා ගැනීමට පෙර තාවකාලික උප්පැන්න හා මරණ සහතික නිකුත් කිරීම.
මෘත දේහ ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය.
හාම්පුතාගෙන් සිදුවන හිරිහැර වලදී රැකවරණය සැලසීම.
අවශ්‍ය තොරතුරු ලබා දීම.
ආදිය තානාපති කාර්යාලය මගින් සිදු කෙරේ.
ලිපිනය: අල් මදීනා අල් මුනවරා වීදිය, තැ.පෙ. අංකය 830731, අම්මාන් – 11183, ජෝර්දානය.
දුරකථන අංකය : 00962 (6) 5820611 / 2 / 3 / 4
ෆැක්ස් අංකය : (+962) (6) 5820615
විද්‍යුත් තැපෑල (E-mail) : [email protected]
කාර්යාල වේලාවන්: පෙ.ව. 8.00 සිට ප. ව. 4.30 දක්වා
සිකුරාදා දිනයන්හිදී වසා ඇත.
කම්කරු අමාත්‍යාංශය (Ministry of Labour)
ඇඟලුම් සේවකයින් ඇතුළු සියලුම කම්කරුවන් වෙනුවෙන් පිහිටුවාගත් සංවිධානයකි. වැටුප් නොගෙවීම හෝ ගෙවීම් ප්‍රමාද කිරීම, සංක්‍රමණ හා අවසරලත් කාලසීමාව පිළිබඳ ගැටලූ, රැකියා බලපත්‍ර ක්‍රමය ආදී ගැටළු වලට විසඳුම් ලබා ගැනීම සඳහා සම්බන්ධ වන්න.
ලිපිනය : 8160 අම්මාන් 11121, ජෝර්දාන්
ෆැක්ස් අංකය : 5855072 6962
දුරකථන අංකය : 5802666 6962
ක්ෂණික ඇමතුම් අංකය : 080022208
හදිසි අවස්ථාවන්හිදී භාවිතා කළහැකි විද්‍යුත් තැපෑල : [email protected]
ජංගම දුරකථන : 0796580666/0777580666
අන්තර්ජාතික කම්කරු සංවිධානය – ජෝර්දානය
දුරකථන අංකය : 00962-65656131
මානව හිමිකම් සඳහා වන ජාතික මධ්‍යස්ථානය (The National Center for Human Rights)
අපක්ෂපාති ස්වාධීනව ක්‍රියාත්මක වන සංවිධානයකි. ඔබගේ යම් පැමිණිල්ලක් යම්කිසි රාජ්‍ය නිලධාරියෙක් විසින් භාර නොගත්තේ නම් මෙම සංවිධානයට ඒ පිලිබඳ පැමිණිලි කරන්න. එමගින් අදාළ රාජ්‍ය නිලධාරියාට විරුද්ධව ක්‍රියා කිරීමට අවශ්‍ය සහය ලබා ගැනීමට ඔබට හැකිවේ (පොලිසිය වැනි). එමෙන්ම ඔබගේ ඇතැම් පෞද්ගලික ගැටලු විසඳා ගැනීමට අදාළ ස්ථාන වෙත යොමු කිරීම මගින් ඔබට සහය ලබා දේ.
දුරකථන අංකය: 00962 6 5932257
ෆැක්ස් අංකය: 00962 6 5930072
පැමිණිලි භාර ගැනීමේ ක්ෂණික ඇමතුම් අංකය (සතියේ දින 07 හිම පැය 24 මුළුල්ලේම): 00962-6-5920396
ගාස්තු රහිත දුරකථන අංකය – 0800 22320-00962 (මෙමගින් ඇමතුමක් ලබා ගැනීමේදී ඔබට ගාස්තුවක් අය නොවන නමුත් ඔබේ පවුලේ සාමාජිකයෙකුට, නෑ හිතමිතුරන්ට ඇමතීම සඳහා මෙය භාවිතා කළ නොහැක. අදාළ ආයතනයේ සේවය ලබා ගැනීම සඳහා පමණක් භාවිතා කළ හැක. )
තැ.පෙ. අංකය 5503, අම්මාන් 11183 – ජෝර්දානය
ලිපිනය : 151, සහරාන් සෙන්ට් අම්මාන් – ජෝර්දානය
විද්‍යුත් තැපෑල (E-mail) : [email protected]
තම්කීන් මධ්‍යස්ථානය (Tamkeen Fields for Aids)
රාජ්‍ය නොවන සංවිධානයකි. මෙමගින් ඔබට සහය අවශ්‍ය උපදේශන සේවා, නීති ආධාර, සමාදාන වීම සහ ආරක්ෂක පිරිස් සේවාවන් සඳහා සම්බන්ධ වන්න.
ලිපිනය : උද්‍යාන වීදිය, නො. 80 ගොඩනැගිල්ල, 5වන මහල, 501 කාර්යාලය.
තැපැල් ලිපිනය : තැ.පෙ.අංකය 1155 අම්මාන් 1118 ජෝර්දානය
දුරකථන අංකය : 00962 6 5539501
ෆැක්ස් අංකය : 00962 6 5671729
ජංගම දුරකථන: 00962 79 640 4406
විද්‍යුත් තැපෑල (E-mail) : [email protected]
ජෝර්දාන් කාන්තා සංගමය (Jordanian Women’s Union)
කාන්තාවන් සඳහා වන වෘත්තීය සමිතියකි. විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තයේ යෙදෙන සංක්‍රමණික කාන්තාවන්ට වන දුෂණ, අනිසි බලපෑම්, මානව හිමිකම් උල්ලංඝනය වීම් වැනි අවස්ථාවන්හිදී පැමිණිලි ඉදිරිපත් කිරීමට සහ නීති ආධාර ලබා ගැනීමට මෙමගින් හැකියාව ඇත.
ලිපිනය : 88, නැබ්ලස් සෙන්ට් ජබාල් අල් -හුසේන් අම්මාන් – ජෝර්දානය
තැපැල් ලිපිනය : 961188 අම්මාන් 11196
දුරකථන අංකය : 00962 – 6 – 5687037
ෆැක්ස් අංකය : 00962 – 6 – 5687061
විද්‍යුත් තැපෑල (E-mail) : [email protected]
කැරිටාස් ජෝර්දාන් (Caritas Jordan)
කතෝලික සිවිල් සංවිධානයකි. ජාති ආගම් භේදයකින් තොරව සංක්‍රමණිකයින් වෙනුවෙන් සහය ලබා දෙයි. රැකවරණය සැපයීම, වෛද්‍ය සහ මානුෂිය ක්‍රියාකාරකම් සඳහා උදව් දීම, අසරණ වූ ශ්‍රී ලාංකිකයන්ට නැවත ලංකාවට යාමට උදවු කිරීම වැනි ක්‍රියා මෙමගින් සිදු කෙරේ. එවැනි සහයක් අවශ්‍ය නම් සම්බන්ධ වන්න.
ලිපිනය : තැ. පෙ. 2258, අම්මාන්, ජෝර්දානය
දුරකථන අංකය : 00962 6 4639032
ෆැක්ස් : 00962 6 4619005
විද්‍යුත් තැපෑල (E-mail) : [email protected]
වෙබ් අඩවිය : www.caritasjordan.org.jo