රටතොට විත්ති
කටාර් රාජ්‍යය
අගනුවර : දෝහා
කාල වෙනස : ශ්‍රී ලංකාව කටාර් රාජ්‍යට වඩා පැය 2.30ක් ඉදිරියෙන් සිටී.
නිදහස් දිනය : දෙසැම්බර් 18
රාජ්‍ය භාෂාව : අරාබි
මුදල් : කටාරි රියාල් (QAR)
ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් : දෝහා ජාත්‍යන්තර ගුවන්තොටුපළ
හමාඞ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉක්මනින් විවෘත කරනු ඇත.
කටාර් රාජ්‍යයෙහි ඉතිහාසය
කටාර් යනු වර්තමානයේ ලොව ධනවත්ම රටක් ලෙස පිළිගැනුනත්, 20 වන සියවස මැද භාගයේ ඛනිජ තෙල් සහ ස්භාවික ගෑස් සොයා ගන්නා තුරු එය මැදපෙරදිග දුප්පත්ම රාජ්‍යයන්ගෙන් එකක් විය. බොහෝ කටාර් ජාතිකයන් මුතු ගවේෂණය හෝ මුහුදු මසුන් මැරීම සිදුකළ අතර 1970 මුල් කාලය දක්වා බොහෝ රාජ්‍යන්ගේ පාලනය යටතේ විය.
1825 දී එවකට බොහෝ අරාබි රාජ්‍යයන් පාලනය කළ ඔටෝමාන්වරු විසින් ෂෙයික් තානි බිඩ් මුහම්මඩ් කටාර්හි නායකයා කරනු ලැබිය. එතැන් සිට අල් තානි පවුල කටාර් රාජ්‍යය තුල ආධිපත්‍යයක් ගෙන ගිය අතර, එසේ වුවත් පළමුව ඔටෝමාන්වරු (තුර්කිවරු) යටතේ සහ ඉන්පසු 1916 දී දෝහා බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වූ පසු එය යටතේ ද විය. දෝහා සහ වෙනත් ගල්ෆ් නගර අතිශය ආර්ථික ගැටලු වලට මුහුණ දී සිටින විට වසර 75කට තිබු බ්‍රිතාන්‍ය ආරක්ෂාකාරී රාජ්‍යය ගිවිසුම අවසන් විය. ජපානයේ මුතු කර්මාන්තය දියුණු වන විට, කටාර්හි මුතු සෙවීමේ කර්මාන්තය බිඳවැටුණු අතර ඛනිජ තෙල් සහ ස්භාවික ගෑස් ගවේෂණ කටයුතු තිබියදී පවා බොහෝ කටාර් වැසියන් දිළිඳු විය. බ්‍රිතාන්‍යයන් දෙවන ලෝක යුද්ධයට ප්‍රවේශ වීමත් සමග එහි අවධානය එහි මැදපෙරදිගට ප්‍රවේශ වූ අතර කටාර් රාජ්‍යය දශකයක් පමණ ආර්ථික දුෂ්කරතා වලට ලක් වීමට ඉඩහැර ඉන් පිටව ගියේය.
අවසානයේ 1949 දී ඛනිජ තෙල් සහ ගෑස් නිෂ්පාදනය ආරම්භ කළ අතර 1960 වන විට දෝහා නගරය ඉතා සමෘද්ධිමත් නගරයක් විය. ගතානුගතිකත්ව එමීර් පාලන යුගයේදී රට ඉතා නොදියුණු තත්වයකට පත් වූ අතර ඉංග්‍රීසි රාජ්‍යය අවසන් වනවිට, තවත් රාජ්‍යයන් අටක් සමග එක්වී අරාබි එමිරේට් ඒකාබද්ධ රාජ්‍යයක් වීමට කටාර් රාජ්‍යය එකඟ විය.
ආරක්ෂිත රාජ්‍යය පාලනය 1971 දී අවසන් වන විටත්, රාජ්‍යයන් නවය එක්සත් රාජ්යයේතිබිය කොන්දේසි පිලිබඳ පොදු එකඟතාවයකට පත්වී නොසිටියේය. එමනිසා කටාර් නිවේදනයක් නිකුත් කරමින් 1971 සැප්තැම්බර් 3 වන දින නිදහස් රාජ්‍යයක් ලෙස වෙන් වූ අතර දෝහා එහි අග නගරය විය.
1995 දී, නියෝජ්‍ය එමීර් ෂෙයික් හමාඩ් බින් කලීෆා විසින් තම පියා කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහ කරන ලදී. 1996 දී අසාර්ථක කුමන්ත්‍රණයක් ඇති වූ නමුත්, ෂෙයික් හමාඩ් පාලනය ගෙනගිය අතර එය වඩාත් ප්රජාත්නත්රවාදී සහ විවෘත සමාජයක් ඇති කරමින් පුළුල්ව පැතිරුණි.
කටාර් රාජ්‍යයෙහි සංස්කෘතිය
අඩුම තරමින් කටාර් ජාතිකයන් 95%ක් ඉස්ලාම් වහාබි නිකායෙන් පැවත එන සුන්නි මුස්ලිම් ජාතිකයන් වේ. රාජ්‍යය භාෂාව අරාබි වන අතර ඉංග්‍රීසි භාෂාවද පුළුල්ව පැතිරී ඇත.
කටාර් රාජ්‍යයෙහි කාලගුණය සහ දේශගුණය
කටාර් යනු, වාර්ෂිකව අඩු වර්ශාපතනයක් සහිත අධික උණුසුම් සහගත මෙන්ම තෙතමනය සහිත ග්‍රීෂ්ම ඍතුවක් ඇති රාජ්‍යයකි. එමෙන්ම වියළි අර්ධ ශුෂ්ක නිසරු දේශගුණයක් ඇත. වසන්ත සහ සරත් ඍතුව කටාර් දේශයට යාමට සුදුසුම කාලය වේ. එම කාලයේදී උණුසුම ඇති නමුත් වඩාත් උණුසුම් නොවේ. සන්ද්‍යා කාලය ප්‍රසන්නව සිසිල්ව පවතී.