ජගත් කම්කරු සංවිධාන මහා සමුළු (ජිනීවා)
ජගත් කම්කරු සංවිධාන මහා සමුළු ක්රියාවලිය ජගත් කම්කරු ව්යවස්ථාදායකයකට සමානය. මෙම සමුළුවට සහභාගි වියයුත්තේ කවුද? සාකච්චා කලයුත්තේ මොනවාද? මෙහි අන්තර්ගත කරනා මොනවාද?වැඩකරන පන්තියේ අභිලාශයන් මෙම ක්රියාවලිය තුල නියෝජනය කරන්නේ කෙසේද යන්න තවමත් පළල් මහජන සංවාදයකට භජනය වී නොමැත. ඒ සඳහා මෙම සමස්ත ක්රියාවලිය වැඩකරන පන්තියේ සංවාද පරිශ්රය තුලට ගෙන ආ යුතුව ඇත. වැඩකරන පන්තියේ හඬ මෙම තීරණාත්මක සහ සුවිශේෂී ගෝලීය කම්කරු පන්ති ක්රියාදාමය තුල නියෝජනය කරනුවස් වෙර දැරීම පිණිස විවෘත අවකාශයක් සැලසීම උදෙසා මෙම උප පිටුව වෙන්ව ඇත.