2020 ජනවාරි 01 සිට මේ රැකියා කුවේටියන්ට පමණයි

විගණක තනතුරු කුවේට් ජාතිකයන්ට පමණක් ලබාදෙන ලෙස කුවේට් වානිජ සහ කර්මාන්ත අමාත්‍යාංශය නියෝග කර ඇති බව වාර්තා වේ.

රක්ෂණ සමාගම්, තැරැව්කාර රක්ෂණ සමාගම්, තැරැව්කාර නිශ්චල දේපල සමාගම්,මැණික් හා ස්වර්ණාභරණ සමාගම් සහ මුදල් හුවමාරු සමාගම්වලට අදාල නියෝගය නිකුත් කර ඇත.

මූල්‍ය වංචා අවම කිරීමේ අරමුණින් කුවේට් ජාතිකයන්ට පමණක් එමසමාගම්වල රැකියා 2020 ජනවාරි 01 දින සිට ලබාදීමට තීරණය කර ඇත.

පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා 16,000ක් කුවේට් ජාතිකයන්ට ලබාදීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.

කුවේට් අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන විදේශිකයන් ඉවත් කිරීම ජුලි මාසයේ සිටක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇති අතර හවාලි සහ ෆර්වානියා අධ්‍යාපන කලාපවල සේවය කරන විදේශිකයන් වැඩි පිරිසක් ඊට අයත් වේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435