ලෝක වෙළඳාමේ නව හැඩතල සකසන WTO ‘බාලි පැකේජය’ එළි දකියි! Copy

24 දෙසැම්බර් 2013 –Wedabima.lk

 

WTO අමාත්‍ය සමුළුව නියමිතව තිබුණු දිනට පසුව දා එනම් 2013 දෙසැම්බර් 7 දා අවසන් වූයේ වෙළඳාම කාර්යක්ෂම කිරීම, ආහාර සුරක්ෂිතතා විකල්ප වැඩි වැඩියෙන් සම්පාදනය කිරීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට ඉඩ සැලසීම, ඌන සංවර්ධිත රටවල වෙළඳාමට රුකුල් දීම සහ වඩා පොදුවේ සංවර්ධනය සඳහා උපකාර කිරීම සඳහා සැලසුම් කළ ගැටලූ පැකේජයකට එකඟ වෙමිනි.

 

ඉන්දුනීසියාවේ ජනාධිපති සුසිලෝ බැම්බැන්ග් යුධොයොනෝ විසින් විවෘත කළා වූත් යේමනය නව සාමාජිකයෙකු ලෙස පිළිගත්තා වූත් පස් දින රැස්වීම අවසානයේ බාලි පැකේජයට අමතරව අමාත්‍යවරු වඩා සාමාන්‍ය තීරණ ගණනාවකට ද නිල වශයෙන් එළඹුණහ.

 

”අපි ඒක කළා!” සමුළුවේ සභාපතිත්වය දැරූ ඉන්දුනීසියාවේ වෙළඳ ඇමති ගීතා විර්ජවාන් පැවසී ය. ”මුදුන් පමුණුවා ගත නොහැකි යැයි බොහෝ දෙනා කියූ දේ අපි මුදුන් පමුණුවා ගත්තා. ජනාධිපති සුසිලෝ බැම්බැන්ග් යොධොයොනෝ අඟහරුවාදා අපට කිව්වා බාලිවල ආකර්ෂණීයත්වය අපේ සාකච්ජා කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරාවි කියා. මේක තමයි දුෂ්කර ගිවිසුම්වලට එළඹෙන තැන. බාලි අපගේ බලාපොරොත්තු සුන් නොකිරීම ගැන මා අතිශයින් සතුටු වෙනවා.”

 

”අපේ ඉතිහාසයේ පළමු වතාවට: උඔධ සැබෑ එකඟත්වයකට පැමිණ තිබෙනවා,” WTO අධ්‍යක්ෂ ජනරාල් රොබර්ටෝ අසවේදෝ පැවසී ය. ” අප දිනුම් කණුව කරා රැගෙන යාමට අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානය පෙන්නුම් කරන ලෙස මේ බාලිවල දී මා ඔබ හැමට අභියෝග කළා. ඔබ ඒක කළා. ඒ වෙනුවෙන් මා ඔබට ස්තුතිවන්ත වෙනවා.”

 

බාලි පැකේජය වූ කලි වඩා පුළුල් දෝහා සාකච්ජා වටයෙන් උපුටා ගත් ගැටලූ එකතුවකි. දෝහා සංවර්ධන න්‍යාය පත‍්‍රය ලෙස අර්ධ නිල වශයෙන් ප‍්‍රකට සාකච්ජා වටයේ ඉතිරි කරුණු කෙරෙහි දැන් සාමාජික අවධානය දැන් යොමු විය යුතු බව බොහෝ නියෝජිත කණ්ඩායම්වල කැඳවුම් නින්නාද කරමින් අසවේදෝ මහතා පැවසී ය.

 

”බාලි පැකේජයත් සමග ඔබ යළි තහවුරු කර තිබෙන්නේ WTO කෙරෙහි පවතින ඔබගේ කැප වීම පමණක් නො වේ. දෝහා සංවර්ධන න්‍යාය පත‍්‍රයට ඔබගේ ඇති එකඟතාවත් ඔබ යළි සහතික කර තිබෙනවා,” අසවේදෝ මහතා සඳහන් කළේ ය. ”අප මෙහි දී ගත් තීරණ දෝහා සාකච්ජා වටය සම්පූර්ණ කිරීම කරා තැබූ වැදගත් ඉදිරි පියවරක්.

 

”මේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ඊළඟ මාස 12 තුළ දී පැහැදිලිව අර්ථ නිරූපණය කළ වැඩ සටහනක් සූදානම් කරන ලෙස ඔබ අපට දුන් උපදෙස් ඉතා සාදරයෙන් පිළිගන්නවා.”

 

බාලි පැකේජය පිළිබඳ එකඟතාවට එළැඹියේ දෙසැම්බර් 4 වන බදාදා සිට දෙසැම්බර් 6 වන දා පාන්දර තෙක් විසිහතර පැය පුරා ම පාහේ කෙරුණු තීව‍්‍ර අදහස් විමසීම්වලින් පසුව සහ පසු දා මුළු රැය පුරා පැවති සියලූ නියෝජිත කණ්ඩායම් ප‍්‍රධානීන්ගේ රැස්වීම්වලින් පසුව ය.

 

සතුට සහ දුක

 

අමාත්‍යවරුන් සහ අනෙක් නියෝජිතයෝ යළි යළිත් අත්පොළසන් සහ ඔල්වරසන් දෙමින් එකඟතාවට උද්‍යෝගයෙන් සුබ පැතූහ. එහෙත් හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ අභාවය පිළිබඳ පුවත සමුළුව වෙත ශෝකය ද රැගෙන ආවේ ය.

 

සියල්ලන්ට ම අනුප‍්‍රාණය සැපයූවෙකු ලෙස සලකමින්, WTO දුෂ්කර පරමාර්ථ හඹා යාමේ දී ද ධෛර්යය දුන් අයෙකු ලෙස සලකමින් අසවේදෝ මහතා, ගීතා මහතා සහ අමාත්‍යවරුන් සහ නියෝජිතයෝ ගණනාවක් මැන්ඩෙලා මහතාට ගරු බුහුමන් දැක්වූහ. ගීතා මහතා ඔහු උපුටා දැක්වී ය: ”යමක් කරන තෙක් එය පෙනෙන්නේ කළ නොහැකි දෙයක් ලෙස.”

 

කාලය පිළිබඳ නම්‍යශීලිත්වය’

 

සලකා බැලීම පිණිස සියලූ සාමාජිකයන් අතර සංශෝධිත කෙටුම්පත් බෙදා හැරීමට පෙර අසවේදෝ මහතා එකඟතාවට බාධා කළ කාරණා කිහිපයක් ගැන අමාත්‍යවරුන් සමග පෞද්ගලිකව සහ කුඩා කණ්ඩායම් වශයෙන් එක්ව කටයුතු කර තිබිණ. රැස්වීම් නියම කර ගැනීමෙන් සහ යළි නියම කර ගැනීමෙන් පසු දෙසැම්බර් 7 වන දා මේවාට ඒකමතික එකඟතාව පළ විය.

 

”WTO තුළ දී කාලය පිළිබඳ සංකල්පය නම්‍යශීලී එකක්,” කල් තියා නියම කර ගත් කාල සීමාව ඉක්මවා රැස්වීම පැවැත්වීම ගැන දෙසැම්බර් 6 දා මාධ්‍යවේදීන් විමසූ විට WTO ප‍්‍රකාශක කීත් රොක්වෙල් පැවසී ය. ”මා හිතන විදියට ඒක දිග දවසක් වේවි.”

 

පැකේජයේ ඇතැම් කොටස් පිළිබඳව පූර්ණ වශයෙන් තෘප්තියට පත් නොවුණ ද එම අවසන් තීරණාත්මක පැයවල දී සාමාජිකයන් සියලූ දෙනාම පාහේ පැවසුවේ පැකේජය පූර්ණ වශයෙන් පිළිගත යුතු බව යි.

 

පැකේජය ඍජුව ප‍්‍රතිලාභ ලබා දෙන නිසා පමණක් නොව එය WTO සහ එහි වෙළඳ පද්ධතිය යළි පණ ගන්වන නිසා සහ 2011 දී දියත් කරන ලදුව මේ වසරේ බාලි පැකේජය පිළිබඳ වැඩ කටයුතු තීව‍්‍ර කරන තෙක් 2008 සිට අත් කර ගෙන තිබෙන්නේ සුළු ප‍්‍රගතියක් බැවින් දෝහා සාකච්ජා වටය සමාප්ත කිරීමට වුවමනා ජවය සම්පාදනය කරන නිසා පැකේජය අවශ්‍ය බව ඔවුහු පැවසූහ.

 

කෙසේ වුව ද රටවල් සුළු කණ්ඩායමක් – කියුබාව, බොලිවියාව, නිකරගුවාව, වෙනිසියුලාව – වඩා පොහොසත් රටවලට අනුග‍්‍රාහකාත්මක වන අයුරින් පැකේජය තුළ ඇතැයි තමන් සලකන අසමතුලිතතාවන් පිළිබඳව සහ මාර්ගස්ථ භාණ්ඩවලට තාවකාලික වෙළඳ තහනම් පැනවීමේ ස්වරූපයෙන් සිදු වන අසමාන ලෙස සැලකීම් වළක්වන විධිවිධාන නොමැතිකම පිළිබඳව බරපතළ සැකසංකා සටහන් කළේ ය.

 

මාර්ගස්ථ භාණ්ඩවලට අසමාන ලෙස නොසැලකීම පිළිබඳ මූලධර්මය ආරක්ෂා කරන වගන්තියක් අවසන් ප‍්‍රකාශනයට එක් කරන බවට ගිවිස ගන්නා තෙක් ම තාවකාලික තහනම් පිළිබඳ ඔවුන්ගේ උත්සුකතාව නිසා පැකේජය පිළිබඳ එකඟතාව පමා විය.

 

1986-94 උරුගුවේ සාකච්ඡුා වටවල දී ඇති කර ගත් එකඟතාවන් යටතේ 1995 දී ආරම්භ කෙරුණු තැන් පටන් WTO සාමාජිකයන් අතර ඇති වුණු පළමු ප‍්‍රධාන එකඟතාව ලෙස බාලි පැකේජය ඇතැම් විට විස්තර කර ඇත. ගෝලීය වාණිජ කටයුතුවලට වඩාත් ම වැදගත් වන්නේ සීමා ඉවත් කරමින් වරාය නිෂ්කාෂණ කටයුතු වේගවත් කිරීමට අදාළ පැකේජ කොටස වන වෙළඳ පහසුකම් සැපයීම යි.

 

පැකේජයේ අවශේෂ කොටසින් වැඩි හරිය අවධානය යොමු කරන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආහාර සුරක්ෂිතතාව පිළිබඳව සහ ඌන සංවර්ධිත රටවල් සඳහා කපු සහ වෙනත් විධිවිධාන ගණනාවක් ඇතුළු සංවර්ධනය ආශ‍්‍රිත නොයෙක් ගැටලූ පිළිබඳව ය.

 

කෘෂිකාර්මික අපනයන ආදේශන අවම කිරීම සහ ඒවා පහළ මට්ටම්වල පවත්වා ගෙන යාමත් පංගු ක‍්‍රමයට කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය කෙරෙන විට වෙළඳාමට කෙරෙන බාධා අවම කිරීමත් සඳහා දේශපාලනිකව කැප වීමක් ද පැකේජයට ඇතුළත් ය.

 

වෙළඳ පහසුකම් සැපයීම

 

වෙළඳ පහසුකම් සැපයීමේ තීරණය වූ කලි පිරිවැය අවම කර සහ වේගය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කර රේගු ක‍්‍රියා පටිපාටි සරල කිරීමේ බහුපාර්ශ්වීය එකඟතාවකි. නීතිමය බැඳීමක් සහිත එකඟතාවක් වන එය 1995 දී WTO පිහිටුවූ තැන් පටන් එහි සිදු කළ විශාලතම ප‍්‍රතිසංස්කරණවලින් එකක් ද වනු ඇත. ඉන් අනතුරුව ඇති කර ගත් අනෙක් එකඟතා වූයේ WTO උපසාමාජික කුලකයක් අතර ඇති කර ගත් මූල්‍ය සේවා සහ විදුලි සංදේශ ගිවිසුම සහ තොරතුරු තාක්ෂණ නිෂ්පාදන සම්බන්ධයෙන් ඇති කර ගත් නිදහස් වෙළඳ ගිවිසුම යි.

 

අරමුණු වන්නේ: රේගු ක‍්‍රියා පටිපාටි වේගවත් කිරීම; වෙළඳාම පහසු කිරීම, වේගවත් කිරීම සහ මිල අඩු කිරීම; පැහැදිලිකම, කාර්යක්ෂමතාව සහ විනිවිද භාවය ඇති කිරීම; නිලධරය සහ දුෂණය අවම කිරීම සහ තාක්ෂණික දියුණුව ප‍්‍රයෝජනයට ගැනීම යි. විශේෂයෙන් ම අසල්වැසි රටවල වරායවල් හරහා වෙළඳ කටයුතුවල යෙදීමට උත්සාහ කරන භූමියෙන් වට වුණු රටවල අවශ්‍යතා පිළිබඳ ගැටලූවක් වන මාර්ගස්ථ බාණ්ඩ පිළිබඳ විධිවිධානයක්ද ඊට ඇතුළත් ය.

 

එකඟතාවේ තවත් කොටසක් වූයේ යටිතල පහසුකම් සහ දුම්රිය රේගු නිලධරය නොහොත් එකඟතාව ක‍්‍රියාත්මක කිරීමේ දී දැරීමට සිදු වන වෙනත් පිරිවැයවල් යාවත්කාල කර ගැනීම සඳහා සංවර්ධනය වෙමින් පවතින සහ ඌන සංවර්ධිත රටවලට සහාය වීම යි.

 

වෙළඳ පිරිවැයවල් 10% සහ 15% අතර ප‍්‍රමාණයකින් අවම කිරීම, වෙළඳ ප‍්‍රවාහය සහ ආදායම් රැස් කිරීම වැඩි කිරීම, ස්ථාවර වෙළඳ වාතාවරණයක් නිර්මාණය කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ඔස්සේ ලෝක ආර්ථිකයට ඩොලර් බිලියන 400ත් ඩොලර් ටි‍්‍රලියන 1ත් අතර ප‍්‍රතිලාභ සැලසෙතියි ගණන් බලා ඇත.

 

හරය වෙනස් නොවනු ඇති නමුත් බාලිහි දී සම්මත කර ගත්තේ අවසන් ලියවිල්ලක් නො වේ. 2014 ජුලි 31 දා වන විට මහා මණ්ඩලය ලවා සම්මත කර ගැනීමේ අරමුණ ඇතිව භාෂාව නීතිමය නිරවද්‍යතාව සහතික කරනු පිණිස එය පරීක්ෂා කොට නිවැරදි කෙරෙනු ඇත.

 

කෘෂිකර්මය සහ කපු

 

බාලි පැකේජයේ කෘෂිකාර්මික කොටස ගැටලූ දෙකක් විසඳීමේ අවශ්‍යතාව මතු කරයි. වැඩි අවධානයක් යොමු වූයේ සංවර්ධනය වෙමින් පවතින රටවල දී ආහාර සුරක්ෂිතතාව සඳහා රජය කරන තොග පවත්වා ගැනීමේ වැඩ සටහන් ආරක්ෂා කිරීම පිළිබඳව ය. එවිට වෙළඳාම විකෘත කිරීමට සැපයෙන දේශීය සහාය සම්බන්ධයෙන් කිසි යම් රටක් කල් තියා එකඟ වුණු සීමාවන් උල්ලංඝනය කළ ද එම රටවලට නීතිමය අභියෝග එල්ල නොවනු ඇත.

 

යෝජිත විසඳුම අතුරතුර කාලයේ දී ඉදිරිපත් වනු ඇති අතර වැඩි වශයෙන් සාකච්ජා වූයේ අතුරු කාල පරිච්ෙඡ්දය අවසානයේ දී කුමක් සිදු වේ ද යන්න පිළිබඳව ය. අදහස් විමසීම්වල ප‍්‍රතිඵලය වූයේ ස්ථිර විසඳුමකට එකඟ වන තෙක් වසර හතරක් තුළ දී ස්ථිර විසඳුමක් ඉදිරිපත් කිරීම අරමුණු කර ගෙන ආරම්භ කරන වැඩ සටහනක් සමගින් අතුරු විසඳුම පවත්වා ගෙන යාමට යි.

 

අනෙක් ගැටලූව වූයේ ”තීරු බදු පංගු පරිපාලනය” යි. එනම්, පංගුව එක දිගට ම නොසැපිරෙන තත්ත්වයක් තුළ කිසි යම් ආනයන පංගුවක් (පංගුව තුළ වඩා පහළ මට්ටමේ තීරු බදු සහිත පරිමාවක් ඇති ”තීරු බදු පංගුවක්”* කළමනාකරණය කරන්නේ කෙසේ ද යන්න යි. පංගු නොසැපිරෙන විට අදහස් විමසා තොරතුරු සැපයීමට සාමාජිකයන් එකඟ වී ඇත. විසඳීමට ඉතිරි එක් ගැටලූවක් වන්නේ වසර හයෙන් පසුව පද්ධතිය යොදා නොගැනීමට අයිතිය තිබෙන්නේ කිනම් රටවලට ද යන්න යි: ඒවා නම් බාබඩෝස්, ඩොමිනිකානු සමූහාණ්ඩුව, එල් සැල්වදෝරය, ගෞතමාලාව සහ එක්සත් ජනපදය යි.

 

මේ අතරවාරයේ, ජිනීවාහි දී සාකච්ජා කළ ලියවිලිවල වගන්ති තුනක් නොවෙනස්ව පවතී. ඉන් එකක් වෙළඳාම විකෘත වන්නේ සුළු වශයෙන් බැවින් සීමා කිරීමකින් තොරව ඉඩ සැලසීමට අපේක්ෂිත පොදු සේවා ලැයිස්තුවට සංවර්ධන සහ ඉඩම් පරිහරණ වැඩ සටහන් කිහිපයක් එක් කිරීම පිළිබඳව ය.

 

අනෙක අපනයන ආදේශන ඒ හා සමාන බලපෑමක් සහිත වෙනත් පියවරයන් අඩු බව සහතික කිරීම සඳහා වන ප‍්‍රබල දේශපාලන ප‍්‍රකාශයකි. තුන් වැන්න අවධානය යොමු කරන්නේ ඌන සංවර්ධිත රටවල කපු නිෂ්පාදන සඳහා වෙළඳ පොළ ප‍්‍රවේශය වැඩි දියුණු කිරීම සහ එම රටවල නිෂ්පාදන සඳහා සංවර්ධන සහාය සැපයීම කෙරෙහි ය.

 

සංවර්ධන ගැටලූ

 

ජිනීවා ලියවිලි හතරක් නොවෙනස්ව පවතී.

 

  • වඩා පොහොසත් රටවල වෙළඳ පොළවලවලට අපනයනය කිරීම සඳහා ඌන සංවර්ධිත රටවලට තීරු බදුවලින් නිදහස්, පංගුවලින් නිදහස් ප‍්‍රවේශයක් සැපයීම. බොහෝ රටවල් දැනට මත් මෙය ක‍්‍රියාත්මක කරන අතර, යටත් පිරිසෙයින් නිෂ්පාදනවලින් 97%කට අදාළව මෙතෙක් මෙය ක‍්‍රියාත්මක කර නොමැති රටවල් මේ යටතේ ආවරණය වන නිෂ්පාදන සංඛ්‍යාව වැඩි කිරීමට ”උත්සාහ කළ යුතු” බව තීරණය කියයි.

 

  • නිෂ්පාදනයන් තමන්ගේ භාණ්ඩ ලෙස හඳුනා ගැනීම සහ ආනයනය කරන රටවල දී වරණීය සැලකීම් සඳහා සුදුසුකම් ලැබීම ඌන සංවර්ධිත රටවලට පහසු කරමින් එම රටවලට අදාළව භාණ්ඩ නිෂ්පාදිත රට සම්බන්ධ වරණීය නීති සරල කිරීම.

 

  • ඌන සංවර්ධිත රටවලට වඩා පොහොසත් රටවල සේවා වෙළඳ පොළවල් වෙත වරණීය ප‍්‍රවේශයට ඉඩ සලසමින් ”සේවා අත හැරීමක් සම්පාදනය කිරීම.”

 

  • සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දෙන විශේෂ සැලකිලි නිරීක්ෂණය කිරීම සඳහා රැස්වීම්වලින් සහ වෙනත් විධික‍්‍රමවලින් සමන්විත ”නිරීක්ෂණ යන්ත‍්‍රණයක් සම්පාදනය කිරීම.”

 

 

 

 

 

WTO නිතිපතා කටයුතු පිළිබඳ තීරණ

 

අමාත්‍ය සමුළුව WTO නිතිපතා කටයුතු සම්බන්ධයෙන් තීරණ පහකට එළඹුණහ. ඒවා මෙහි සොයා ගත හැකි ය. ඒවා මෙසේ ය:

 

WTO ආරාවුල් විසඳීමේ ක‍්‍රියාවලිය වෙත බුද්ධිමය දේපොළ ”උල්ලංඝනය නොකිරීම” පිළිබඳ කාරණා ඉදිරිපත් නොකිරීමට සාමාජිකයෝ එකඟ වූහ – ”උල්ලංඝනය නොකිරීම” යනු WTO බුද්ධිමය දේපොළ ගිවිසුමක් උල්ලංඝනය කර නොමැති අවස්ථාවක පවා ඒ යටතේ අපේක්ෂිත අයිතිවාසිකමක් අහිමි වීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා නීතිමය පදනමක් පවතින්නේ ද යන තාක්ෂණික ප‍්‍රශ්නය සඳහා වන සරල යෙදුමකි.

 

ඉලෙක්ට්‍රොනික වාණිජ්‍යය සම්බන්ධයෙන් ද ඒ හා සමාන එකතු කිරීමකට එකඟ වුණු අතර ඉලෙක්ට්‍රොනික සම්පේ‍්‍රෂණ සම්බන්ධයෙන් ආනයන බදු අය නොකිරීමට සාමාජිකයෝ එකඟ වූහ. වාණිජ ගැටලූ, සංවර්ධනය සහ නව තාක්ෂණය ආශ‍්‍රිත ඉලෙක්ට්‍රොනික වාණිජ්‍යය පිළිබඳ සාකච්ජා අඛණ්ඩව පවත්වා ගෙන යාමට ද වැඩ සටහන දිරි දෙයි.

 

කුඩා ආර්ථිකයන් පිළිබඳ ගැටලූව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට අමාත්‍යවරු තීරණය කළහ. කුඩා ආර්ථිකයන් පිළිබඳ යෝජනා සලකා බලා මහා මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරු වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ කමිටුවට උපදෙස් දුන්හ.

 

සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳාමට විශේෂයෙන් ම ඌන සංවර්ධිත රටවල වෙළඳාමට සහාය දෙන මුල පිරීමක් වන ”වෙළඳාම සඳහා ආධාර” වැඩ සටහන කෙරෙහි තමන්ට පවත්නා කැප වීම අමාත්‍යවරු යළි තහවුරු කළහ. 2005 වසරේ දී දියත් කළ තැන් සිට ”වෙළඳාම සඳහා ආධාර” වැඩ සටහන ලබා තිබෙන ප‍්‍රගතිය ප‍්‍රශංසාවට ලක් කළ ඔවුහු වැඩ සටහනට අඛණ්ඩව සහාය දීමට අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පැවරූහ.

 

වෙළඳාම සහ තාක්ෂණය පැවරීම අතර පවත්නා සම්බන්ධතාව අඛණ්ඩව විමසා බලන ලෙස සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට තාක්ෂණය ගලා යාම වැඩි කිරීමට ගත හැකි පියවරයන් නිර්දේශ කරන ලෙස අමාත්‍යවරු සිය ජිනීවා නියෝජිත කණ්ඩායම්වලට නිර්දේශ කළහ. මෙම බලය පවරන ලද්දේ 2011 දෝහා ප‍්‍රකාශනයේ දී ය.

 

සමාප්ති සැඳහුම්

 

සභාපති, ඉන්දුනීසියාවේ වෙළඳ ඇමති ගීතා විරාජ්වන්: ‘අපි ඒක කළා!

 

අමාත්‍ය සගයනි, නෝනාවරුනි, මහත්වරුනි – අපි ඒක කළා!

 

මුදුන් පමුණුවා ගත නොහැකි යැයි බොහෝ දෙනා කියූ දේ අපි මුදුන් පමුණුවා ගත්තා.

 

ජනාධිපති සුසිලෝ බැම්බැන්ග් යොධොයොනෝ අඟහරුවාදා අපට කිව්වා බාලිවල ආකර්ෂණීයත්වය අපේ සාකච්ජා කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරාවි කියා. මේක තමයි දුෂ්කර ගිවිසුම්වලට එළඹෙන තැන. බාලි අපගේ බලාපොරොත්තු සුන් නොකිරීම ගැන මා අතිශයින් සතුටු වෙනවා.

 

සියලූ දෙනාට සුබ පතනවා. ජාතික අවශ්‍යතාවන් ගැන පමණක් නො ව පොදු යහපත ගැනත් අවධානය යොමු කිරීම ගැන සතුටු වෙනවා. මෙම ඓතිහාසික එකඟතාවට එළඹීම සඳහා දිගු පැය ගණනාවක් තිස්සේ නොපසුබටව කටයුතු කිරීම ගැන සතුට පළ කරනවා. දෝහා සංවර්ධන න්‍යාය පත‍්‍රය සජීවීව පවත්වා ගැනීම සම්බන්ධයෙන් පමණක් නොව දෝහා සාකච්ජා වටය සමාප්ත කිරීම සඳහා අපට නව ශක්තියක් සහ නව විශ්වාසයක් ලබා දීම ගැනත් සතුට පළ කරනවා.

 

මේ බාලිවල දී අප කර තිබෙන දෙය ඇත්තටම අසාමාන්‍ය යි. අපි ලෝකයේ සිටින දුප්පත් ම බිලියන ගණනකට ආහාර සුරක්ෂිතතාව අත් කර දෙන පැකේජයක් සාකච්ජා කර තිබෙනවා. අපි ලෝක ආර්ථිකයට ඩොලර් ටි‍්‍රලියන ගණනක් සම්පාදනය කරන වෙළඳ පහසුකම් සැපයීමේ ගිවිසුමකට එකඟ වී තිබෙනවා. අපි ඌන සංවර්ධිත රටවලට බහුපාර්ශ්වීය වෙළඳ පද්ධතිවලින් වැඩි ප‍්‍රතිලාභ ලැබීමට උදව් කිරීමේ නවතම මුල පිරීම් කට්ටලයකට එකඟ වී තිබෙනවා.

 

දිගු පැය ගණනාවක් සාකච්ජා කිරීමෙන් පසුව WTO අමාත්‍යවරුන් වන අප ඉතා වැදගත් ආහාර සුරක්ෂිතතා වැඩ සටහන් ක‍්‍රියාත්මක කිරීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට අවශ්‍ය කරන නම්‍යශීලිත්වය සම්පාදනය කිරීමට එකඟ වී තිබෙනවා. WTO කෘෂිකර්ම ගිවිසුම වෙනස් කිරීම කාලයක් ගත වන කටයුත්තක් නමුත් ඒ සඳහා අවශ්‍යතාවක් පවතින බවට අප එකඟ වී තිබෙනවා. මේ බාලිවල දී අප ගෙන ඇති තීරණය අතුරු කාල පරිච්ෙඡ්දයේ දී සිය නීත්‍යනුකූල ආහාර සුරක්ෂිතතා වැඩ සටහන් සම්බන්ධ ආරාවුල් මග හැරීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට ඉඩ සලසාවි.

 

වෙළඳ පහසුකම් සැපයීමේ ගිවිසුම යනු WTO තුළ සාකච්ඡුා කෙරුණු ප‍්‍රථමතම බහුපාර්ශ්වීය ගිවිසුමයි. එය වෙළඳ පිරිවැය අඩු කරනවා, දේශ සීමා හරහා භාණ්ඩ ගලා යාම සුමට කරනවා, ව්‍යාපාරික කටයුතු සඳහා වැඩි ස්ථාවරත්වයක් සම්පාදනය කරනවා. එය සියලූ සාමාජිකයන්ට විශේෂයෙන් ම සංවර්ධනය වෙමින් පවතින රටවලට ප‍්‍රතිලාභ අත් කරදේවි. රටවල පද්ධති සහ ක‍්‍රියා පටිපාටි වැඩි දියුණු කිරීම සඳහා සහාය වීමට ප‍්‍රවේශ වීමේ හැකියාව ඊට තිබෙනවා. වෙළඳ පහසුකම් සැපයීමෙන් සැලසෙන ආර්ථික ප‍්‍රතිලාභ වැඩි වශයෙන් ගලා යන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලට.

 

භාණ්ඩ සහ සේවාවන් සඳහා සංවර්ධිත රටවල වෙළඳ පොළවලට ප‍්‍රවේශ වීමේ හැකියාව වැඩි වීමෙනුත් ඌන සංවර්ධිත රටවලට ප‍්‍රතිලාභ ලැබේවි. භාණ්ඩ නිෂ්පාදිත රට සම්බන්ධ වරණීය නීති ඌන සංවර්ධිත රටවල භාණ්ඩ අපනයනය පහසු කරාවි. කපු ක්ෂේත‍්‍රයෙන් සහ විශේෂ සහ විශේෂිත සැලකීම නිරීක්ෂණය කිරීමෙන් ලැබෙන අනෙක් ප‍්‍රතිඵලවලිනුත් සැලකිය යුතු ප‍්‍රතිලාභ සැලසෙන අතර එම ක්ෂේත‍්‍රවල වැඩි දුර වාසි අත් කර ගැනීමට ඉන් පදනමක් වැටේවි.

 

මේවා ඓතිහාසික ජයග‍්‍රහණ. අපි බාලිවල දී දිනුම් කණුව පසු කර තිබෙන නමුත් තරගය තව ම අවසන් නැහැ. අපි දැන් දෝහා සාකච්ඡුා වටය සමාප්ත කළ යුතු යි. අපි මෙහි දී අප අත් කර ගත් ශක්තිය සහ අනාගත බලාපොරොත්තු ජිනීවාහි දී අදාළ කර ගත යුතු යි.

 

කළ යුතු බොහෝ දේ තව මත් ඉතිරිව තිබෙනවා. අප මේ බාලිවල දී සාකච්ඡුා කළ සමහර ගැටලූ තව මත් විසඳා නැහැ. මේ සම්බන්ධයෙන් අපගේ සාකච්ඡුාකරුවන් අපට උපදෙස් දී තිබෙනවා දෝහා සංවර්ධන න්‍යාය පත‍්‍රයේ ඇතුළත් ඉතිරි ගැටලූවලට අදාළව පැහැදිලිව අර්ථ නිරූපණය කළ වැඩ සටහනක් සූදානම් කරන්න කියා. මෙම සැලැස්ම බාලිවල දී ගත් තීරණ විශේෂයෙන් ම වෙළඳ පහසුකම් සැපයීම, කෘෂිකර්මය, සංවර්ධනය සහ ඌන සංවර්ධිත රටවල ගැටලූ පිළිබඳව ගත් තීරණ මත පදනම් වේවි.

 

මේ බාලිවල දී ගත් තීරණ හරහා අපි බහුපාර්ශ්වීය වෙළඳ සාකච්ඡුා සඳහා වන ප‍්‍රමුඛතම සංවාද මණ්ඩපය ලෙස WTO ඉටු කළ යුතු කාර්ය භාරය යළි තහවුරු කර තිබෙනවා. දුප්පත්ම සහ වඩාත් ම අවදානමට ලක් විය හැකි රටවල් බොහොමයකට ජාත්‍යන්තර වෙළඳාමෙන් සැබෑ ප‍්‍රතිලාභ අත් කර ගත හැකි වන්නේ බහුපාර්ශ්වීය වෙළඳ ගිවිසුම් හරහා පමණ යි. ඒ නිසා තමයි අපි WTO තුළ කරන කටයුතු ඉතා වැදගත් වන්නේ.

 

උපසභාපතිවරයා ලෙස, මහා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස, WTO ලෙකම්වරයා ලෙස එතරම් ම දක්ෂ අයුරින් මට සහාය දී තිබෙන අමාත්‍යවරුන්ටත් පසු ගිය දින හතර පුරා වෙහෙස මහන්සි වී කළ කටයුතු සම්බන්ධයෙන් මෙම අමාත්‍ය සමුළුවේ දී සිය රජයන් නියෝජනය කරමින් සහභාගි වන සියලූ අමාත්‍යවරුන්ට සහ නියෝජිත කණ්ඩායම්වලටත් මගේ හෘදයංගම ස්තුතිය යළි පළ කිරීමට මට ඉඩ දෙන්න.

 

අන් සියල්ලන්ට මත් වඩා WTO අධ්‍යක්ෂ ජනරාල්වරයා වන රොබර්ටෝ අසවේදෝට ස්තුතියි. බාලි පැකේජය සම්මත කර ගත හැකි වූයේ ඔබගේ දැක්ම සහ නායකත්වය නිසයි. මෙම සාකච්ජා තුළට ඔබ රැගෙන ආ ශක්තිය සියල්ල වෙනස් කළා. කරුණාකර රොබර්ටෝට ස්තුති කිරීමට මා හා එක් වන්න.

 

නෙල්සන් මැන්ඩෙලාගේ සුප‍්‍රකට වැකිය යළි උපුටා දැක්වීමට මට අවසර දෙන්න. අප මෙහි දී අපේක්ෂා කළ දේට එය උචිත බව පෙනෙනවා: ”යමක් කරන තෙක් එය පෙනෙන්නේ කළ නොහැකි දෙයක් ලෙස.”

 

මේ සතියේ දී අපි අප මුදුන් පමුණුවා ගැනීමට නියම කර ගත් සියලූ දේ මුදුන් පුමණුවා ගෙන තිබෙනවා. බාලිවල ආකර්ෂණීයත්වය අපගේ වැඩ කටයුතු තුළට පිවිස තිබෙනවා. දැන් අපි ඊට අපගේ ආත්මය තුළට පිවිසීමට ඉඩ දෙමු. මෙම සැබවින්ම විස්මිත දිවයිනේ සතුට භුක්ති විඳින්න අවස්ථාවක් ඔබට තව මත් තිබෙන බව මා විශ්වාස කරනවා. අධ්‍යක්ෂ ජනරාල්වරයා ආරම්භක උත්සවයේ දී කිව්වා වගේ බාලි කියන්නේ ලෝකයේ උදෑසන. එය අලංකාර කිරීමට මට ඉඩ දෙන්න: බාලි ලෝක වෙළඳ සංවිධානයට නව උදෑසනක් ලබා දී තිබෙනවා.

 

WTO අමාත්‍ය සමුළුවේ නව වන සැසිය සමාප්ත බව මා දැන් ප‍්‍රකාශ කරනවා.

 

අධ්‍යක්ෂ ජනරාල් රොබර්ටෝ අසවේදෝ: ‘ලෝකය නැවතත් WTO වෙත’

 

මෑත සතිවල දී WTO බොහෝ වැඩ කටයුතුවල නියැලූණා. අපි මේ සංවිධානය එය පැවතිය යුතු හැටියෙන් දුටුවා. සාකච්ජා කළා. නව අදහස් පිරීතිරී ගියා. එකඟතාවකට එළඹෙන්න වෙහෙස මහන්සි වී වැඩ කළා. සති අන්තවලත් වැඩ කළා (සති ගණනාවක් තිස්සේ වැඩ කළා!). රාත‍්‍රියේත් වැඩ කළා.

 

පොදු පදනමක් සොයමින්, නව විසඳුම් සොයමින්, සම්මුතිවලට එළඹෙමින්. අපි එතරම් ම දිගු කලක් එවැනි පරිශ‍්‍රමයක් සහ නියැලීමක් දැක නැහැ. ඒ වගේ ම මෑත සතිවල දී අපි අපගේ නමට ගැළපෙන විදියට කටයුතු කළා. සියල්ලන් ඇතුළත් කර නොගත් සහ විනිවිද භාවයෙන් තොර ක‍්‍රියාවලියක් වෙනුවට මේ වතාවේ මුළු සාමාජිකත්වයම සාකච්ජා සඳහා එකට එක් වුණා.

 

අපි ”ලෝකය” නැවතත් ”ලෝක වෙළඳ සංවිධානය” වෙත රැගෙන විත් තිබෙනවා.

 

මට ඒ ගැන බෙහෙවින් ආඩම්බර යි – විශේෂයෙන් ම මෙම ප‍්‍රවිෂ්ටය අප ප‍්‍රගතිය කරා යාම වැළැක්වූයේ නැති නිසා මා ආඩම්බර යි. ඇත්ත වශයෙන් ම එය අප ලබා ගත් ප‍්‍රගතිය ශක්තිමත් කළා.

 

අපගේ සංවර්ධිත සහ ඌන සංවර්ධිත සාමාජිකයන් සිය අවශ්‍යතාවලට බලගතු සේවයක් සැලසෙන පැකේජයක් නිර්මාණය කිරීම සඳහා උදව් කරමින් මෙම සාකච්ඡුාවල දී සිය පූර්ණ කාර්ය භාරය ඉටු කළා.

 

ඒ වගේ ම මා කියන්න සතුටු යි අපේ ඉතිහාසයේ පළමු වතාවට: WTO සැබෑ ලෙස එකඟ වී තිබෙනවා.

 

අප දිනුම් කණුව කරා රැගෙන යාමට අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානය පෙන්නුම් කරන ලෙස මේ බාලිවල දී මා ඔබ හැමට අභියෝග කළා.

ඔබ ඒක කළා. ඒ වෙනුවෙන් මා ඔබට ස්තුතිවන්ත වෙනවා.

 

වෙළඳ පහසුකම් සැපයීම, කෘෂිකර්මය සහ සංවර්ධනය පිළිබඳ මෙම පියවරයන් සමගින් අප ඉතා වැදගත් යමක් මුදුන් පමුණුවා ගෙන තිබෙනවා.

 

ඔබ අද දින මෙහි දී සම්මත කර ගත් පැකේජයෙන් ලොව පුරා ජනතාව ප‍්‍රතිලාභ ලබාවි: ව්‍යාපාරික ප‍්‍රජාව; රැකියා විරහිතයන් සහ ඌන සේවා නියුක්තිකයන්; දුප්පතුන්; ආහාර සුරක්ෂිතතා යෝජනා ක‍්‍රම මත යැපෙන්නන්; සංවර්ධනය වෙමින් පවතින රටවල ගොවීන්; සංවර්ධනය වෙමින් පවතින රටවල කපු වගා කරන්නන්; සහ ඌන සංවර්ධිත රටවල් සියල්ල ම.

 

ඒත් ඉන් ඔබ්බට: අපි වර්ධනය සහ සංවර්ධනය සඳහා සහාය දීමට අපට පවතින හැකියාව යළි ශක්තිමත් කර තිබෙනවා; අපි මෙම සංවිධානය ශක්තිමත් කර තිබෙනවා; ඒ වගේ ම අපි බහුපාර්ශ්වීයත්වය නමැති දෙයට රුකුල් දී තිබෙනවා.

 

මොරොක්කෝ තානාපති  ඕමාර් හිලාලේගේ වචන ප‍්‍රතිරාවය කිරීමට මා කැමැති යි. ඔහු ඊයේ මෙසේ පැවසුවා: ”මේ පැකේජය අවසානයක් නෙවි – ඒක ආරම්භයක්.”

 

අප මෙහි දී අත් කර ගත් ප‍්‍රගතියේ ප‍්‍රතිඵලයක් ලෙස දැන් අපට පුළුවන් අප බොහෝ කාලයක් තිස්සේ අත්හිටුවා තිබුණු අපගේ අනෙක් වැඩ ක්ෂේත‍්‍ර කරා ඉදිරියට යන්න.

 

බාලි පැකේජයත් සමග ඔබ යළි තහවුරු කර තිබෙන්නේ WTO කෙරෙහි පවතින ඔබගේ කැප වීම පමණක් නො වේ. දෝහා සංවර්ධන න්‍යාය පත‍්‍රයට ඔබගේ ඇති එකඟතාවත් ඔබ යළි සහතික කර තිබෙනවා.

 

අප මෙහි දී ගත් තීරණ දෝහා සාකච්ජා වටය සම්පූර්ණ කිරීම කරා තැබූ වැදගත් ඉදිරි පියවරක්.

 

මේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ඊළඟ මාස 12 තුළ දී පැහැදිලිව අර්ථ නිරූපණය කළ වැඩ සටහනක් සූදානම් කරන ලෙස ඔබ අපට දුන් උපදෙස් ඉතා සාදරයෙන් පිළිගන්නවා.

 

මේ බාලිවල දී වෙහෙස මහන්සි වී කළ කටයුතු වෙනුවෙන් ඔබ සියලූ දෙනාට ම ස්තුති කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා.

 

ඒ වගේ ම මේ සතියේ ඔබගේ අනුමැතිය ලද යේමන සමූහාණ්ඩුවේ පිවිසීමත් මා සාදරයෙන් පිළිගන්නවා.

 

යේමනය අපගේ 160 වන සාමාජිකයා බවට – අපගේ 35 වන ඌන සංවර්ධිත සාමාජිකයා බවට පත් වේවි. එය විශ්වීයත්වය කරා යන ගමනේ තවත් ධනාත්මක පියවරක්.

 

එතරම්ම ආදර්ශවත් ආකාරයෙන් මෙම අමාත්‍ය සමුළුවට සත්කාරකත්වය සැපයීම සම්බන්ධයෙන් ජනාධිපති යොධොයොනෝටත් රජයට සහ ඉන්දුනීසියාවේ ජනතාවටත් යළි වතාවක් ගරු බුහුමන් දැක්වීමට ද මා කැමැති යි.

 

WTO ඔබට බෙහෙවින් කෘතගුණ පළ කිරීමට බැඳී සිටිනවා.

 

අපට උදව් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ටත් ලොව පුරා අගනගරවල සිටින රාජ්‍ය නායකයන්ටත් ස්තුති කිරීමට මා කැමැති යි. ඔවුන් ද අප තරමට ම මෙහි කොටස්කරුවන්.

මෙහි සිටින අමාත්‍යවරුන්ට සහ නියෝජිත කණ්ඩායම්වලට යළි වතාවක් මගේ හෘදයංගම ස්තුතිය පළ කිරීමට මා කැමැති යි.

සති සහ මාස ගණනාවක් තිස්සේ වෙහෙස මහන්සි වී කළ කටයුතු සම්බන්ධයෙන් ජිනීවා තානාපතිවරුන්ට ස්තුති කිරීමට මා කැමැති යි.

 

දැරූ අතිමහත් පරිශ‍්‍රමයන් සම්බන්ධයෙන් සාකච්ජා කණ්ඩායම්වල සභාපතිවරුන්ට, ලේකම් කාර්යාලයට, මගේ කණ්ඩායමට සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට යළි ස්තුතිය පළ කිරීමට මා කැමැති යි.

 

මෙය මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට කටයුතු කළ අයට ස්තුති කරන අවස්ථාවක් නිසා මගේ බිරිඳ ලිලීටත් ස්තුති කිරීමට මා කැමැති යි.

 

අවසන් වශයෙන්, සිය දක්ෂ සභාපතිත්වය සම්බන්ධයෙන්, වෙහෙස නො බලා සැපයූ සහාය සම්බන්ධයෙන්, දේශපාලනික දූර්දර්ශී භාවය සම්බන්ධයෙන් සහ මෙම ක‍්‍රියාවලිය පුරා කාර්යයට කැප වීම සම්බන්ධයෙන් අමාත්‍ය ගීතා විරාජ්වන්ට ස්තුති කිරීමට මා කැමැති යි.

 

මෙම සමුළුවේ සහ මෙම පැකේජයේ සාර්ථකත්වයට ඔබ තීරණාත්මක වුණා.

 

එනිසා අමාත්‍යතුමනි, අපගේ ස්තුතියේ සංකේතයක් ලෙස මෙම කුඩා සැමරුම් මිටිය ඔබට පිරිනැමීමට ලැබීම මට ඉමහත් සතුටක්. එය පාවිච්චි කිරීම සඳහා අප ඔබට හොඳ හේතුවක් සපයා තිබීම ගැන අපට සතුටු යි!

 

අමාත්‍යවරුනි, තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි,

 

මා WTO අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාර්ය භාරය බලාපොරොත්තු වුණේ මා බහුපාර්ශ්වීය වෙළඳ පද්ධතිය කෙරෙහි විශ්වාසය තැබූ නිසා – එය ආරක්ෂා කිරීම සඳහා නෙවි, එය පෙනී සිටින පහත සඳහන් දෑ නිසා:

 

  • එය බහුපාර්ශ්වීයත්වය පිළිබඳ සංකල්පය ජීවමාන කරන පද්ධතියක් නිසා;
  • මා සාඩම්බරයෙන් පැවසිය යුතු යි, මේ සතියේ දී එළඹෙන වසර ගණනාවක් උදෙසා ශක්තිමක් කළ සහ සුරක්ෂිත කළ පද්ධතියක් නිසා.

 

සමාප්ත කරමින් නෙල්සන් මැන්ඩෙලාගේ වචන කිහිපයක් යළි සිහිපත් කිරීමට මා කැමැති යි. මා සිතනවා එය අදට විශේෂයෙන් ම උචිත යි කියා. ඔහු වරක් මෙසේ කීවා:

”යමක් කරන තෙක් එය පෙනෙන්නේ කළ නොහැකි දෙයක් ලෙස.”

 

නෝනාවරුනි, මහත්වරුනි, බාලි පැකේජය මුදුන් පමුණුවා ගත නොහැකි දෙයක් ලෙස නිතර පෙනෙන්න ඇති. ඒත් දැන් එය මුදුන් පමුණුවා ගෙන තිබෙනවා.

අප සියල්ලන් මෙහි දී දැන් ඊට එකඟ වුණා.

 මූලාශ්‍රය: WTO 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435