හාම්පුතෙකුගේ කතාවක්..

මගේ නිවසේ අත් උදව්වට සිටින්නන්ගේ කොන්ත්‍රාත් කාලය තව මාස කිහිපයකින් අවසන් වනු ඇත. ඔවුන්ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කරගැනීමට සලකා බලන ලෙසට ඉල්ලමින් ඔවුන් සමඟ දුෂ්කර සාකච්ඡා වල නිරතවන්නට මට සිදුවනු ඇති අතර, නැතිනම් මට ඔවුන් අහිමි වනු ඇත. ඔවුන් අහිමි කරගැනීමට මගේ කිසිදු කැමැත්තක් නැත.

මා කෙසේ හෝ ඔවුන් සමඟ කරන සාකච්ඡා සාර්ථක කරගත යුතුමය. නැතිනම් මට සිදුවන්නේ, බඳවා ගැනීමේ කාර්යාලවල ප්‍රමාදයේ ගොදුරක් වීමටය. එසේත් නැතිනම් පිටරටවලින් මිනිස් ශ්‍රමය ආනයනය කරන තැරැව්කරුවන්ගේ අනුකම්පාව සොයා යාමටය.

විටෙක මම ක්‍රීඩා සමාජවල මුලසුන හොබවන මගේ මිත්‍රයන් කිහිපදෙනෙකුගේ උපකාරය පැතීමට කල්පනා කළෙමි. මන්දයත්, ඔවුන් විදෙස් වෘත්තීය පාපන්දු ක්‍රීඩකයන් සමඟ සාකච්ඡා කොට, ඔවුන් දිනා ගෙන ගිවිසුම් අත්සන් කරගැනීමේ මනා දැනුම ඇති අය වන බැවිනි. එහෙත් ඔවුන්ගේ සාකච්ඡාවල අවසාන ප්‍රතිඵලය, අසාර්ථකවීම් හා බලාපොරොත්තු කඩවීම් රාශියක ගොණුවක් මිස වෙන යමක් විය නොහැකි නිසා මම ඒ අදහස ක්ෂණිකව අතහැර දැමුවෙමි.

මට දැනමුතුකම් දෙන ඥාතින් හා මිතුරන් සමඟ වන මගේ අත්දැකීම්ද දිරිගන්වන සුළු නොවීය. එය ක්‍රීඩා සමාජවල ප්‍රධානින් සිය අනුශාෂකයන් හා උපදේශකවරුන් සමඟ වන අසාර්ථක තත්වයන්ට අඩු වැඩි වශයෙන් සමාන විය.

දීප්තිමත් විදෙස් ක්‍රීඩකයින් දිගටම රඳවා තබා ගැනීමට ක්‍රියා කරන ක්‍රීඩා සමාජ මෙන්ම මමද මගේ ගෘහ සේවිකාවට හා රියදුරාට තවත් කලක් නවතින ලෙස ඒත්තු ගැන්වීමට ඕනෑම දෙයක් කිරීමට ඇත්තවශයෙන්ම කැමැත්තෙමි.

නිවසේ නව අත්උදව්කරුවන් කවදා පැමිණේදැයි ස්ථිරව කිව නොහැක. මව් රටේ සිට පැමිණ කෙටි කලකින්ම නිවසේ වැඩපළ නිසිපරිදි, ක්‍රමානුකුලව පවත්වාගෙන යාමට ඔවුන්ට හැකිවනු ඇතැයි යන්නද මට සැක සහිතය. ඔවුන් බඳවා ගැනීම සඳහා අධික මුදල වියදම් කොට සෑහෙන කාලයක්  බලා සිටීමට මට සිදුවනු ඇති බවද අමුතුවෙන් කිවයුතු නොවේ. අනෙක් අතට කතාවට කියන්නාක් මෙන් නොදන්නා එකාට වඩා දන්නා යකා හොඳය.

බඳවා ගැනීමේ කාර්යාල වල තිබෙන, බඳවාගැනීම් අයදුම්පත් ඇතුළත් ලිපිගොණු ගොඩගැසී ඇතිවාක් පමණක් නොව, මළබැඳි, දුවිල්ලෙන්ද වැසී ඇත. විදෙස් ශ්‍රම බලය අපනයනය කරන රටවල ඒ සම්බන්ධ වගකිවයුතු නිසි බලධාරීන් විසින් නිර්මාණය කර ඇති සංකූලතාවයන් ඊට හේතුවයි.

මේ ගැටළුව විසඳීමට, අපේ කම්කරු අමාත්‍යාංශය එතරම් පරිශ්‍රමයක් දරා නැත. ශ්‍රමය අපනයනය කරන රටවල අදාළ බලධාරීන් සමඟ එක්ව පවතින ගැටළු විසඳීම සම්බන්ධව ඵලදායි ලෙස ක්‍රියා කොට නැත.

බඳවාගැනීම් සම්බන්ධ පළමු ප්‍රශ්නය පන නැඟී අවුරුදු 10ක් ඉක්ම ගියත් තවමත් එය අතින් අතට හුවමාරුවීමකට පමණක් සීමා වී ඇත. බඳවා ගැනීමේ ගාස්තුව මෙන්ම ගැටලුවද දඟර ගැහි තිබේ. ගැටලුවට ප්‍රමාණවත් විසඳුමක් ලබා දීමට කම්කරු අමාත්‍යාංශය පසුගිය අවුරුදු කිහිපය මුළුල්ලේම අපොහොසත් විය. ඒ වෙනුවට කම්කරු අමාත්‍යංශය අපට බොරු පොරොන්දු හා සාටෝප ප්‍රකාශ පමණක් ඉදිරිපත් කරමින් සිටි.

සෞදි ගැසට් පුවත්පත ඇසුරින්

වැඩබිම

තවත් දෙස් විදෙස් තොරතුරු සඳහා පිවිසෙන්න වැඩබිම වෙබ් අඩවියට 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435