සෞදි නැගෙනහිර ජංගමය සිකුරාදා

සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය ජංගම සේවාව මෙවරත් සුපුරුදු පරිදි අල් කොබාර් වෙරළාසන්න පෙදෙසේ ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් පරිශ්‍රයේදී මාර්තු  හය වැනි සිකුරාදා  උදැසන 8 සිට පස්වරු 2.30 දක්වා  පවත්වන බව රියාද් තානාපති කාර්යාලය කියයි.

රියාද් තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් මසක් පාසා ක්‍රියාත්මක කරන මෙම තානාපති ජංගම සේවාවෙන් ගමන් බලපත්, ලිපි ලේඛන සහතික කිරීම්, උප්පැන්න ලියාපදිංචි කිරීම් ඇතුළු අනෙකුත් කටයුතු මෙන්ම කම්කරු ගැටළු සොයා බැලීම සදහා නිලධාරින් කණ්ඩායමක් පැමිණීමට නියමිතය.

වේලාසනින් පැමිණ ටෝකන් පතක් ලබා ගැනීමෙන් නිලධාරින්හට සහාය වන්නැයි සංවිධායකයෝ ඉල්ලා සිටිති.

පෝරම පිරවීම ඇතුළු අනිකුත් කටයුතු වලට සහාය වීම සදහා ස්වෙච්ඡා සේවකයෝද වෙති.

වැඩි විස්තර සදහා අමතන්න,

සුමිත් රෝහිත     0500998349 

පතිරාජ              0545214452 

දයා කහදවල      0507861163

 

මුලාශ්‍රය : ලංකාදීප

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435