
කොවිඩ් 19 වසංගතයේ බලපෑම හේතුවෙන් සේවා යෝජකයින් විසින් සේවයට වාර්තා කරන සේවකයින් සහ නිවසේ සිට ඩිජිටල්කරණය මගින් හෝ වෙනත් ආකාරයකින් සේවය කරන සේවකයින්ට සාමාන්‍ය පරිදි වැටුප් ඇතුළු සියලූ දීමනා පෙර පරිදි ගෙවීමට බැඳී සිටින බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා සඳහන් කරයි.
පසුගිය 08 දා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් පැවැති ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමේදී සාමාජිකයන්ගේ බහුතර එකඟතාවයෙන් සේවා යෝජකයින් විසින් නිවසේ රඳවා තබන සේවකයන්ට වැටුප් ගෙවීමට අදාළ තීරණය ගෙන ඇත.
එමෙන්ම වසංගතයේ බලපෑමට ලක්වන සේවකයින්ගේ රැකියා අහිමි නොකර තබා ගැනීමටත් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසා සමස්ත සේවකයින්ට සේවයේ යෙදවීමට නොහැකි වන අවස්ථාවල සුදුසු ක්‍රමයක් භාවිත කරමින් සේවකයින් සේවයේ යෙදවීමෙන් වැඩ නොමැතිව නිවසේ රඳවා තබන සේවකයින්ට පමණක් මූලික වැටුපෙන් සියයට50 ක් හෝ රුපියල් 14,500 ක මුදල යන දෙකෙන් වඩා වැඩි මුදල සේවකයන්ට ගෙවීමක් ජුලි අගෝස්තු හා සැප්තැම්බර් මාසවලදී සිදු කිරීමට එහිදී තීරණය කර ඇත.
මූලාශ්‍රය – දිවයින