
හෝටල් සේවක අත්වැල 12
සේවක භාරකාර අරමුදලෙහි ස්වභාවය කවරේද?
මෙම අරමුදල ක්‍රියාත්මක වීම ආරම්භ වනුයේ 1981 මාර්තු මස 1 වන දින සිටය. මෙය සේවක අර්ථසාධක අරමුදල මෙන් කම්කරු දෙපාර්තමේන්තුව සමග සෘජු සම්බන්ධයක් ඇති අරමුදලක් නොවේ. සේවක භාරකාර අරමුදල වූකලී සේවක භාරකාර අරමුදල් මණ්ඩලය නම් වූ රාජ්‍ය, සේවක හා සේව්‍ය යන ත්‍රෛ පාර්ශවයන්ගෙන් සැදුම්ලත් ව්‍යවස්ථාපිත මණ්ඩලයක් මගින් පරිපාලනය කෙරේ. මෙම අරමුදල සඳහා සේවායෝජකයා විසින් පමණක් දායක වීම සිදු කෙරෙන අතර එම ප්‍රමාණය සේවකයාගේ මාසික මුළු ඉපයීම් වලින් 3% කි. මෙහිදී සේවකයාගේ මුළු ඉපයීම් යන්නෙහි අර්ථයට අදාල වන්නේ මෙම කෘතියෙහි මීට ඉහත විස්තර කර ඇති සේවක අර්ථසාධක අරමුදලේ මුළු ඉපයීම් යන නිර්වචනයයි.
සේවක භාරකාර අරමුදල අදාල වන්නේ කුමන සේවකයින්ටද?
මෙම භාරකාර අරමුදල පෞද්ගලික අංශයේ ඕනෑම ස්වභාවයක (ස්ථීර, තාවකාලික, අනියම්, කොන්ත්‍රාත්, කැලි වැටුප් පදනම, පුහුණු වන්නන් සහ පරිවාසික) සේවයේ නියුතු සේවකයින්හට එකසේ අදාල වේ. එලෙසම සියළුම වෙළඳ කලාප හා කර්මික පුරවර කර්මාන්ත ශාලා සේවකයින්ද මෙම අරමුදලට අදාළ වේ. කෙසේ නමුත් පහත දක්වා ඇති සේවකයින් මෙම අරමුදලින් ආවරණය නොවේ.
ගෘහ සේවකයින්, මුළු සේවක සංඛ්‍යාව 10 ට අඩු ආගමික, සමාජ හා පුණ්‍ය ආයතනවල සේවය කරන සේවකයින්, බාල වයස්කාර වැරදිකරුවන්, අනාථයින්, දිළින්දන් හෝ ගොළු හෝ බිහිරි පුද්ගලයින් පුහුණු කිරීම සඳහා ප්‍රමුඛස්ථානය දෙන කාර්මික ආයතන සහ පවුලේ සාමාජිකයින් පමණක් සේවයේ නියුතු ආයතනයද මෙලෙස සේවක භාරකාර අරමුදලේ භාරකාරත්වයෙන් බැහැර කොට ඇත.
කෙසේ නමුත් ස්වයං රැකියාවක නියුතු හෝ විදේශ සේවයේ නියුතු සේවකයින්ටද මෙම අරමුදලට ස්වේච්ඡුා පදනමින් දායක විය හැක.
සේවායෝජකයා දායක මුදල් ගෙවීම පැහැර හැරියහොත් කුමක් සිදුවේද?
අදාල නියමිත දිනට දායක මුදල් නොගෙවන සෑම අවස්ථාවකදීම නියම කර ඇති අධිභාරයක්ද එකතු කොට ගෙවීමට සේවායෝජකයාට සිදුවේ. මෙම පනත යටතේ යම් වරදක් පුද්ගල මණ්ඩලයක් විසින් සිදු කරනු ලබන අවස්ථාවක එය සංස්ථාගත ආයතනයක් නම් එහි සෑම අධ්‍යක්ෂවරයෙක්ම හා එයට අදාල සෑම නිළධාරියෙක්ම, අදාල නියමිත දිනට දායක මුදල් නොගෙවන සෑම අවස්ථාවකදීම නියම කර ඇති අධිභාරයක්ද එකතු කොට ගෙවීමට බැඳේ. මෙම පනත යටතේ යම් වරදක් පුද්ගල මණ්ඩලයක් විසින් සිදු කරනු ලබන අවස්ථාවක එය සංස්ථාගත ආයතනයක් නම් සෑම අධ්‍යක්ෂවරයෙක්ම හා එයට අදාල සෑම නිළධාරියෙක්ම ව්‍යාපාරික ආයතනයක් නම් එහි සෑම හවුල්කරුවෙකුම සහ සමාජ ශුභසාධක හෝ පුණ්‍ය ආයතනයක් නම් එහි සෑම නිළධාරියෙකුම හෝ සෑම භාරකරුවකුම වරදකරු ලෙස සලකනු ලැබේ.
මීළඟ කොටස : සේවක භාරකාර අරමුදලේ ප්රතිලාභ ලබා ගැනීම
මෙම හෝටල් සේවක අයිතිවාසිකම් අත්වැලේ මීළඟ කොටස ලබන සතියේ අගෝස්තු 12 වන බදාදා පල කෙරේ.
වැඩබිම
මේ හා සබැඳි වෙනත් ලිපි :
- හෝටල් සේවක අත්වැල 01 – ඔබව ආවරණය කෙරෙන නීති රීති මොනවාද ?
- හෝටල් සේවක අත්වැල 02 – අවම වැටුප් සැකසෙන්නේ කෙසේද?
- හෝටල් සේවක අත්වැල 03 – සේවා ගිවිසුම සැකසෙන්නේ කෙසේද?
- හෝටල් සේවක අත්වැල 04 – වැඩ කරන වේලාවන් හා එයට අදාළ ගෙවීම්
- හෝටල් සේවක අත්වැල 05 – නිවාඩු
- හෝටල් සේවක අත්වැල 06 – වැටුපෙන් අඩු කිරීම්, දඩ හා වැටුප් ගෙවීම්
- හෝටල් සේවක අත්වැල 07 – සේවයේ යෙදවිය හැකි වයස් කාණ්ඩයන්, ස්ත්‍රී-පුරුෂ බව හා වේලාවන්
- හෝටල් සේවක අත්වැල 08 –සේවා ගාස්තු : Service Charge
- හෝටල් සේවක අත්වැල 09 – අනතුරු සඳහා වන්දි ලබා ගැනීම
- හෝටල් සේවක අත්වැල 10 – සේවක අර්ථසාධක අරමුදල සේවකයන්ට වැදගත් වන අයුරු
- හෝටල් සේවක අත්වැල 11 – අර්ථසාධක අරමුදලේ ප්රතිලාභ ලබා ගැනීම